Friday, April 20, 2012

ඉන්දීය නියෝජිතයන්ට කොකු ගහන්න රජයේ මාධ්‍ය

ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා යුවරාජ් ඇතුළු මන්ත්‍රී පිරිස ලංකාවේ සංචාරයේ යෙ‍දෙමින් ඉන්දීය රජයේ දේශපාලන මතය තහවුරු කිීමේ වැඩසටහන්වලට සහභාගී වූ රජයේ මාධ්‍යෙව්දීන් පවසන්නේ තමන් ඔවුන්ට කොකු ගසමින් සිටින බවයි. නමුත් ඔවුන්ගේ බලපෑම් හමුවේ ඔවුන් මුන ගැසුන පිරිස් බලතල බෙදීම සම්බන්ධයෙන් එකගත්වය පළකර සිටිමින් ඇති බව අනාවරණය වේ.

ඉනිදීය මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවේ ප්‍රබලයන් සහ ජවිපෙ හැර විපක්ෂයේ සේසු පක්ෂ හමුවීමෙන් ද තහවුරුකර ඇත්තේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය ඉක්මවා ගිය බලය බෙදාහැරීමක් කළ යුතු බවය. ලංකාවේ දේශපාලන නායකයන් හමුවී‍මෙන් නොනැවතී උතුරේ අවතැන් කදවුරුවල ජනතාව පවා හමුවීමට යාමෙන් බලය බෙදීම පිළිබද ආණ්ඩුවට එල්ලකරන පීඩනය කෙතරම්දැයි තහවුරුවන බව දේශපාලන විශ්ලේශකයෝ පෙන්වා දෙති. එයට රට තුලින් එල්ල වන විරෝධය අඩුකිරීමේ උපක්‍රමයක් වශයෙන් පළාත්සභාවලට පොලිස් සහ ඉඩම් බලතල ලබානොදීම හැර බලය විමධ්‍යගත කිරීමට සූදානම් බව පවසා ඇත.

No comments:

Post a Comment