Tuesday, April 17, 2012

ඉන්දීය නියෝජිත පිරිස දිවයිනට

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකා සුෂ්මිතා ස්වරාජ්ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස දිවයිනට පැමිණ තිබේ. (16) රාත්‍රී 10.45 ට පමණ ඉන්දීය නියෝජිත පිරිස දිවයිනට ළඟාවූහ. ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකා සුෂ්මිතා ස්වරාජ්ගේ ප්‍රධානත්වයෙන් 16‍ දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඇති අතර ඔවුන් ලබන 21 වැනිදින දක්වා මෙරටට රැදීසිටීමට නියමිතය.


දිවයිනට පැමිණි ඉන්දීය නියෝජිත පිරිස අද(17) දිනයේ රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මෙරට රැදීසිටින කාලය තුළ දී මොවුන් මුස්ලිම් සහ දෙමළ දේශපාලන පක්ෂ සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ඊට අමතරව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සිදුවන සංවර්ධන කටයුතු පිළිබඳව සොයාබැලීම ද ඉන්දීය නියෝජිත පිරිසගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

එහෙත් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් පැවසුවේ තම පක්ෂය වන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ මන්ත්‍රීවරයා මෙම සංචාරයට සහභාගි නොවන බවය. මේ අතර ඩී.එම්.කේ. පක්ෂයේ නියෝජිතයින් ද මේ සංචාරයට සහභාගි නොවන බව පක්ෂයේ නායක එම්.කරුණානිධි පැවසීය.

No comments:

Post a Comment