Tuesday, April 17, 2012

ටයිම්ස් ඔෆ් ඉන්දියා ඉන්දු ශ්‍රී ලංකා සබදතා බිදදමනවා

පරමාණු බලශක්ති අධිකාරිය නිකුත් කළ නිවේදන‍යක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය අප්‍රේල් 10 දා ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත, ශ්‍රී ලංකාවේ ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරය නිසා ජපානයේ ෆුකුෂිමා අනතුරක් වැන්නකින්  ශ්‍රී ලංකාවට තර්ජනයක් වන බවට ප්‍රකාශ කළ බව වාර්ථා කොට ඇති අතර ගරු ඇමතිතුමා විසින් ඉදිරි සැප්තැම්බර් මාසයේදී මේ පිළිබඳව ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියට
කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත, ප්‍රවෘත්ති පත්‍ර වාර්තාකරුවන්ට පුන පුනා ප්‍රකාශ කළ බවද වාර්තා කරන ලදී.

මෙවැනි වැරදි තොරතුරක් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත මගින් එළිදැක්වීම මගින් දෙරටෙහි සබඳතා පිළිබඳව ආතතියක් ඇති කිරීම අතිශයින් අවාසනාවන්ත තත්ත්වයකි. ශ්‍රී ලංකාව කූඩන්කුලම් බලාගාරයේ ආරක්ෂාව
 පිළිබඳව සඳහන් කරනු ලබන කරුණු ඉන්දියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරයේදී ඡන්දය ප්‍රකාශ කරන ලද ආකාරයට විරුද්ධව කරන ලද්දක් නොවේ යැයිද පරමාණු බලශක්ති අධිකාරියේ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

No comments:

Post a Comment