Friday, March 9, 2012

LLRC වාර්ථාව දකුණු අප්‍රිකාවේ Truth Commissionහි කොපියක්


lankahotnews.org
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව ඉදිරිපත් කරීමට නියමිත බව කියන යෝජනාවලියට එරෙහිව අප්‍රිකානු රටවල සහය මෙරටට  ලබාගැනීමේ අපේක්ෂාවෙන් අමාත්‍ය ජී.එල්. පීරිස් මේ දිනවල අප්‍රිකා මහාද්වීපයේ සංචාරයක නිරතව සිටී. මෙහිදී උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති සැලසුම් පිළිබඳව දකුණු අප්‍රිකානු රජය දැනුවත් කර තිබේ.


අප්‍රිකාවේ සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හා ජාත්‍යන්තර කටයුතු
සහ සහයෝගිතාව පිළිබඳ දකුණු අප්‍රිකානු අමාත්‍යවරිය සමග පැවති සාකච්ඡාවකදි ජාත්‍යන්තර කටයුතු සහ
 සහයෝගිතාව පිළිබඳ දකුණු අප්‍රිකානු අමාත්‍යවරිය අවධාරණය කර ඇත්තේ සාමකාමී හා තිරසාර දේශපාලන විසඳුමක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත් ඒ සඳහා දකුනු අප්‍රිකාවේ සහය ලබාදීමට  හා එරට අත්දැකීම් හුවමාරු කිරීමට සූදානම් බවත්ය. මෙහිදී දකුණු අප්‍රිකාවේදී ක්‍රියාත්මක වූ සත්‍ය හා සංහිදියා කොමිසම ගැනද සාකච්ජා වී ඇත.

LLRC වාර්ථාව සැකසීමේදීද එහි බලධාරීන් මෙම සත්‍ය කොමිසම් වාර්ථාව ගැන සදහන් කළා. දකුණු අප්‍රිකාව මුහුන දුන් වර්ණහේදවාදී ගැටළුවේදී සාධනීය ඉමකට පැමිණි 1996දී මෙසේ ගැටලුවට මුහුන දුන් පාර්ශව දෙකම මුහුනට මුහුනලා අධ්‍යයනය කලා, තීරන ගත්තා, අපරාධ හදුනා ගත්තා. ඊට අගරදවරුන් 
නායකත්වය දුන්නා. අභිනව නායක නෙල්සන් මැන්ඩෙලා 1996 දෙසැම්බර් 10 මෙහි නිර්දේශ රටේ නීතියක් බවට පත්කලා. නමුත් මෙහි පාර්ශව දෙකම අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය ලෙස මෙහෙයවීමේ  හැකියාවක් තුලයි සත්‍ය හා සංහිදියා කොමිසම ඉදිරියට ගියේ.

ලංකා රජය ගෙනෙන ප්‍රෝඩාකාරී තේරීම් කාරක සභාවද දකුණු අප්‍රිකානු සත්‍ය හා සංහිදියා කොමිසමේ කොපියක් බව හෙළිවෙමින් පවතිනවා. ඊට දකුණු අප්‍රිකානු උදව් ලැබෙන්නේ ද ඒ පදනමිනි. llrc අධිරාජ්‍යවාදී වැඩපිළිවෙල තහවුරු කිරීමට ඉදිරිපත් කරන ලද්දක් බවයි දැන් තහවුරු වෙමින් පවතින්නේ.

සැබෑ ජාතික සංහිදියාවකට අවැසි ඉඩ අහුරන දේශිය ධනපති පංතියත් අධිරාජ්‍යවාදයත් එක විට අනුමත කරන LLRC වාර්ථාවත් එහි සාධනීය නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ජිනීවා යෝජනාත් අද ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුව අළුත් තත්වයකින් මෝරා වැඩෙමින් පවතී.

No comments:

Post a Comment