Saturday, April 21, 2012

දඹුල්ලේ ජාතිවාදී ගිණි කාටද?

lankahotnews.org
 දඹුල්ල රජ මහා විහාරස්ථානයට අයත් අක්කර 300 ක් පමණ වන ඉඩම් පූජා භූමි සංවර්ධනයට යැයි පවසමින් රජය විසින් පවරාගෙන ඇති  නමුත්, ඒවා දේශපාලනඥයින්ගේ අවශ්‍යතා මත අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරිම සදහා ලබා දී ඇති  බවට චෝදනා කරමින්, 20 පෙරවරුවේ සිට දඹුල්ලේ උද්ඝෝෂණයක් පැවැත්වුනි. සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහානායක ඉනාමලූවේ ශ‍්‍රී සුමංගල හිමියන් එහි පෙරමුණ ගත්තෝය.
දඹුල්ලේ පිහිටි මුස්‌ලිම් පල්ලිය කඩා විනාශ කර මුස්‌ලිම් බැතිමතුන් පලවා හැර තිබෙන්නේ මේ පල්ලිය
එම ස්‌ථානයෙන් වහාම ඉවත් කරන ලෙසට එල්ල වී තිබෙන තර්ජන සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ද මැති ඇමැතිවරුන් ද දැනුවත් කර තිබියදීයි.

එම ස්ථානයට පැමිණි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී සෙනෙවිරත්න මහත්මිය එම සිද්ධස්ථානය අනවසර ඉදිකිරීමක් බව පිළිගත් අතර, ලබන 23 වන දින එය ඉවත්කිරීමට කටයුතු කරන බවත්, එතෙක් එහි දේව මෙහෙයන් නොපැවැත්විය යුතු බවත් දැනුම් දී ඇත.

1963 ඇරඹී මෙම පල්ලිය, පල්ලියක් වශයෙන් ලියාපදිංචි කොට නොමැති වුවත් ආගමික කටයුතු සිදුකොට ඇත.

අනවසර ඉදිකිරීමක් බව දැනගෙනත් එහි ගැටුමක් ඇති බව දැනගෙනත් අදාල බලධාරීන් දැනුවත්ව සිටියදීත්
නීතිය ඉදිරියේ මෙය විසදිය හැකිව තිබියදීත් පොලීසිය බලාසිටියදී පල්ලිය කඩා බිද දැමීම නීතියේ දුර්වල කමත් මෙවැනි ක්‍රියා මාර්ගවල නායකත්වයේ අනුවන කමත් පෙන්වන අතර සිංහල මුස්ලිම් සහෝදරත්වයට හානි පමුණවන මෙවැනි ක්‍රියා සම්බන්දයෙන් රජය මීට වඩා වගකීමෙන් කටයුතු කල යුතුය. අද උදෑසන පල්ලියකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමද ජාතිවාදී ගිනිදැල් අපේක්ෂා කරනවුන්ගේ සාහසික ක්‍රියාමාර්ග වේ.

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ සඳහා ඍජුවම මැදිහත් වූ බවට එල්ල වන චෝදනාව ඔහු තරයේ ප්‍රතික්ෂේප කල අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා පවසන්නේ, දඹුල්ල පූජා භූමියට අයත් භූමියේ කිසිදු ඉදිකිරිමකට තමා අනුමැතිය ලබා දී නොමැති බවයි.

මෙවැනි අනුවන ක්‍රියා මාර්ගත් නීතියේ දුර්වලකමත් දේපලට ඇති කෑදරකමත් ඉදිරියේ රටේ අනාගතයට වන හානිය වලක්වා ගැනීමට කටයුතු කල යුතු බවයි අපවෙත අදහස් දැක්වූ
විද්වතුන් කිහිපදෙනෙකුම ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment