Saturday, April 21, 2012

ජනතාව කුකුල් මස් නිශ්පාදනයෙන් මුදවා ගැනීමේ වැඩපිළිවෙලක

2016 වනවිට මෙරට ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය වසරකට කිලෝ 08 ක් වැනි අගයක් දක්වා වැඩිවුවත් කුකුළු පාලන කර්මාන්තයේ ලාභ පරාස තවදුරටත් අඩුවනු ඇතැයි අනාවරණය වේ. අධික සැපයුම මෙම කුකුල් මස් මිල අඩු වීම කෙරෙහි බලපා ඇත. මෙම කර්මාන්තයේ සිටින ප්‍රධාන නිෂ්පාදකයින් සිය නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම නිසා, ඉදිරියේදී ලාභ පරාස අඩුවන බවට අනුමාන කළ හැකියි. ධනවාදී වෙළද පොලේ
ඉල්ලුම සැපයුම න්‍යාය අනුව කුකුල් පාලනයේ  අපහසුතාවයට පත්වන්නේ කුඩා පරිමාන කුකුල් ගොවිපොල හිමියායි.
ඔහුට පැටවකුගේ නිෂ්පාදන වියදමවත් සම්පූර්ණ කරගැනීමේ නොහැකියාවකට පත්වී ඇත.  මහා ප්‍රාග්ධනය ඉදිරියේ බිදවැටෙන කුඩාකර්මාන්ත හිමියන් පවසන්නේ තම කර්මාන්ත පවත්වා ගැනීමට කුකුල් මස් මිල ඉහල දමන ලෙසයි. කෙසේ නමුදු අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයට ජය ගෙනෙන කුඩා කර්මාන්ත හිමියා බිද වට්ටන මෙම ක්‍රියාවලිය ජනතාව මස් කෑමෙන් හා නිශ්පාදනයෙන් මුදවා ගැනීමේ උපක්‍රමික වැඩපිළිවෙලක් ලෙස අර්ථ දැක්විය හැකිය.

No comments:

Post a Comment