Sunday, April 22, 2012

ප්‍රංශ ජනාධිපති වරණය සාර්කෝසිට ප්‍රභල අභියෝගයක්

lankahotnews.org
ප‍්‍රංශ ජනාධිපති නිකලස් සාර්කෝසිට ප‍්‍රබල අභියෝගයක් එල්ල වනු ඇතැයි සැලකෙන ප‍්‍රංශ ජනාධිපතිවරණය අද පැවැත්වේ. ශක්තිමත් ප‍්‍රංශයක් ගොඩනගමු යන්න ජනාධිපති සාර්කෝසිගේ මෙවර ප‍්‍රචාරක තේමාව වී ඇත.

 වමටත් අවස්ථාවක් යන්න තේමා කර ගත් සමාජවාදී පක්ෂ අපේක්ෂක ෆ‍්‍රාන්සුවා හොලන්ඬේගෙන් ජනාධිපති සාර්කෝසිට දැඩි අභියෝගයක් එල්ල වී ඇත. අපේක්ෂකයන් දස
දෙනෙකු ප‍්‍රංශ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අතර ඉන් කිසිවෙකු හෝ සියයට 50කට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් ලබා නොගතහොත් මැයි 6 වැනිදා දෙවන වටයේ ඡන්ද විමසීමක් සිදුකිරීමට නියමිතයි.

ප‍්‍රංශ ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල අද මධ්‍යම රාත‍්‍රියේ සිට ප‍්‍රකාශයට පත් වේ. 2007 වසරේ සිට ප‍්‍රංශයේ ජනාධිපති ධුරය උසුලන නිකලස් සාර්කෝසිගේ ජනපි‍්‍රයත්වය යුරෝපයේ ණය අර්බුදය සහ ඉහළ විරැකියා මට්ටමත් හේතුවෙන් පහත වැයී තිබුණි.

No comments:

Post a Comment