Sunday, April 22, 2012

මට කරන චෝදනා චැනල් 4න් කරන චෝදනා වගේ එකක්

lankahotnews.org
ජිනීවා යෝජනාත් සමග ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය සොයා බැලිය යුතු බවත් තමා ජිනීවා සිටියදී ලැබූ ජය ඉන් අනතුරුව නොලද බවත් පරාජයට හේතු සෙවිය යුතු බවත් මුලින් ශ්‍රී ලංකාව සමග සිටි රටවල් මෙවර අහිමිවූයේ ඇයි අදී ප්‍රශ්ණ කිරීම් නිසා රාජ උදහසට ලක්වීමට ඉඩ ඇති ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා තමන්ට නිල වශයෙන් විරුද්ධව චෝදනා පත්‍රයකුත් නැති බව ප්‍රකාශ කළේය. ඒත් පිටු පහක ෆැක්ස් පණිවුඩයක්
ලැබි තිබෙනවා. තානාපති කාර්යාලයට සුදු හුණු ගෑම, අලුත් සෝපාවක් ගැනීම ආදිය පිළිබදව දණ්ඩ නීති සංග්‍රහය යටතේ කටයුතු නොකළ යුත්තේ ඇයි කියලා කියන්න කියලා එහි ප්‍රශ්ණ කොට තිබූ බව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

 තානාපති කාර්යාලයේ තිබූ ග්‍රීස් යකා වැනි වූ සෝපාව අයින් කරලා වෙනත් සෝපාවකට ඇණවුම් කළා. මේවා ඇණවුම් කිරීමට පත් කළ නිලධාරීන් ඉන්නවා. මේ අය තමයි මේවා කරන්නේ. ඉතින් දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු නොකළ යුත්තේ ඇයි කියලා අහන එක විහිළුවක් බවත් කවුරුන් හෝ නිලධාරියෙකුගෙන් අත්වැරැද්දක් වූ විට තානාපතිවරයාට දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරනවා කියන කතාව යුද පිටියේදී එක් සොල්දාදුවෙක් යම් වරදක් කළ විට ඉහළම අය ඊට වග කිව යුතුයි කියලා චැනල් 4 එකෙන් කරන චෝදනාව වගේ කතාවක් බව දයාන් ජයතිලක මහතා වැඩිදුරටත් පවසා ඇත.

No comments:

Post a Comment