Sunday, April 22, 2012

මත භේදයට තුඩු දුන් මොරගහ කන්ද ජලාශ කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

lankahotnews.org
චීනයේ Sinohydro Corp. සමාගම ඇමරිකානු ඩොලර් විසිපන්කෝටි විසිතුන්ලක්ෂ දෙදහස්දෙසීය විසිඑකක් (ඇ.ඩො.25,23,02,221) වටිනා මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක කොන්ත්‍රාත්තුව දිනා ගැනීමට සමත්ව ඇත.

එනම් මෙම සමාගමට මොරගහකන්ද ජලාශයේ මූලස්ථායි වැඩ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව (Construction of Head-Works of Moragahakanda Reservoir) ඉංජිනේරු- ප්‍රසම්පාදන හා ඉදිකිරීම්
කොන්ත්‍රාත්තුවක ආකාරයට ලබාදීමටකැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ සදහා රජයේ ඉඩම් වලින් ලබා ගන්නා ඉදිකිරීම් දුව්‍ය වෙනුවෙන් අදාළ රජයේ ආයතන වෙත රාජ්‍ය භාගය ගෙවීමෙන් නිදහස් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මේ පිළිබද රජයේ මතය වනුයේ
2007 ජනවාරි 25 වැනි දින වැඩ අරඹන ලද මොරගහකන්ද  කළුගඟ  බහුකාර්ය යෝජනා ක්‍රමය සඳහා රුපියල් කෝටි 7000 ක් ඇස්ථමේනතු කොට ඇත.  මෙම යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණ උතුරු මැද නැගෙනහිර
මධ්‍යම පළාත්වල සියළු පැරණි වැව් හා අළුතින් ඉදිකරන  වැව් පුරවා ඉඩම් අක්කර ලක්ෂ 2.5 ක් යල, මහ දෙකන්නයේ අස්වැද්දීමයි.  ඊට අමතරව මාතලේ, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පොළොන්නරුව  දිස්ත්‍රික්කවලට එක් දිනක් සඳහා දැනට ලැබෙන පානීය ජල ප්‍රමාණය වන ඝණ මීටර් 78816  මෙම ව්‍යාපෘතිය මගින් ඝණ මීටර් 253310 දක්වා වැඩි කෙරේ. මෙහි ඉදිකරන මොරගහකන්ද හා කළු ගඟ ජලාශ දෙකේ මිරිදිය මත්ස්‍ය නිපයුම් හැකියාව වාර්ෂිකව මෙට්‍රික් ටොන් 4700 ක් වනු ඇතැයි අපේක්ෂා කරයි. මෙහි මෙගාවොට් 21 ක ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම මගින් වාර්ෂිකව දැනට තාප විදුලිය සඳහා යන වියදම දළ වශයෙන් වාර්ෂිකව රුපියල් කෝටි 25 ක් මෙරට ඉතිරි කරගැනීම රජය ඉලක්ක කරයි. මෙම ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් 4 ගුණයක් විශාල වනු ඇත යන්නයි. 

මහවැලි යෝජනා ක්‍රමයේ දිගුවක් වූ මෙයට ආධාර කිරීම ලොව බොහෝ රටවල් ප්‍රතික්ෂේප කරන ලදි. මොරගහ කන්ද ජලාශය පිරවීමට වසර 10කට වරක් සිදුවනු ඇතැයි ද එයද විශ්වාස කල නොහැකියිද
 මහවැලියටත් වඩා දීර්ඝකාලීනව පාරිසරික සහ දේශපාලන ගැටලූ ඇති කරනු ඇතැයිද දේශීය බුද්ධිමතුන් ප්‍රකාශ කොට තිබුණි. ඉතා දැඩි අසාර්ථක ව්‍යාපෘතියක් විය හැකි මෙම ව්‍යාපෘතිය රට දැඩි ණය උගුලක හිරකරන්නක් බවද බොහෝ විද්වතුන් ප්‍රකාශ කොට තිබුණි.

ජලාශ ව්‍යාපෘතිය සඳහා බෑන්ක් ඔෆ් චයිනා චීන රාජ්‍ය බැංකුව හරහා මූල්‍යාධාර ලබා ගැනීමට චීන ඉදිකිරීම් සමාගම කටයුතු කරනු ලැබේ.

No comments:

Post a Comment