Sunday, April 22, 2012

එක්සත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ බලය පෙසපට අහිමිවේ

lankahotnews.org
ජවිපෙ කට්ටිවාදීන් විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිකිරීමට  පෙර  එක්සත් ජාතන්ත‍්‍රවාදී පෙරමුණේ බලය අල්ලා ගන්නා ලදි. නවතම ආරංචි මාර්ග අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එම එක්සත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ බලය අහිමිවී ඇත. මේවන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ
පවසා
ඇත්තේ පක්ෂය තුල මතවාදී අරගලයක් ඇති බවයි. නමුත් එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාධරයන් සීග්‍රයෙන් පක්ෂය හැරයන බවයි. මේවන විට කට්ටිවාදය තදින් ක්‍රියාත්මක වූ මහනුවර, කෑගල්ල, පොලොන්නරුව  දිස්ත්‍රික්වල කල්ලි කණ්ඩායම් තව තවත් බිහි වී ඇති අතර ඔවුන් එක්සත් ජාතන්ත‍්‍රවාදී පෙරමුණ වටා ඒක රාශී වේ දෝ සැකයක් පවතී.

ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිමුතු අබේකෝන් මහතා, පණ්ඩුක  ,කුමාර මෙහි මූලිකත්වය ගෙන ඇත. අවලාද හා අපහාස කිරීම් තුලින් වමේ ව්‍යාපාරයේ උත්තුංග පරමාර්ථ විනාශ කල නොහැකි බවත් රාජ්‍ය පාලනයට හවුල් වීමෙන් පංතියට පක්ෂයක් නැතිවන බවත් ඒ නිසා තමන් නිවැරදි විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීමට ක්‍රියාත්මක බවත් ප්‍රකාශ කොට ඇත.

මේ පිළිබද අදහස් දැක්වූ ජවිපෙ ක්‍රියාධරයකු පැවසූයේ ලංකාවේ ට්‍රොස්කිවාදී සියළුම පක්ෂ වලට මෙවන් ඉරණමක් අත්වූ බවයි.

No comments:

Post a Comment