Saturday, April 21, 2012

සගරාවක පිටු අතර සැගවුන හෂීස් ලැබුනේ ජනප්‍රිය නිලි ඇන්ජෙලාට?


lankahotnews.org
 ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිලියක් වන ඇන්ජෙලා සෙනෙවිරත්න නමින් ඉන්දියාවේ සිට මධ්‍යම තැපෑලට ලද හෂීස් පාර්සලය රැගෙන යාමට පැමිණි විදේශිකයෙකු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය අංශය
 විසින්  (18) අත්අඩංගුවට ගන්නා ලදි. බ්‍රිතාන්‍ය ජාතික මෙම තරුණයා මෙරට රැඳීසිට ඇත්තේ මෙරට  තානාපති කාර්යාලයක සේවය කරන විජාතික කාන්තාවකගේ කොල්ලුපිටියේ 67, හඩ්සන් පාර,
කොළඹ 3.
නිවසේයි. ඇන්ජෙලා සෙනෙවිරත්න මිට වසර 10 ට පමණ පෙර මෙම නිවසේ වාසය කල බවත් , පසුව මෙම කාන්තාවට  බදු දුන් බවත් මෙම සිද්ධියෙන් පසුව ඇන්ජලා සෙනෙවිරත්න පවසා ඇත.
තානාපති කාර්යාලයේ සේවය කරන විදෙස් කාන්තාව එම නිවස බ්‍රිතාන්‍ය ජාතික මෙම තරුණයාට කුළියට දී ඇති බවත් තවදුරටත් වාර්තාවේ.
කෙසේ වුවද 67, හඩ්සන් පාර, කොළඹ 3 නිවසේ හිමිකාරිනිය  ඇන්ජෙලා සෙනෙවිරත්න බව දැන් තහවුරු වී ඇත. සගරා තුල සැගවුන හෂීස් පාර්සලය රැගෙනයාමට පැමිණියේ ශ්‍රී ලංකාවේ සංචාරයකට
පසුගිය 04 වෙනිදා මෙරටට පැමිණි තරුණයින් දෙදෙනෙකි. ඔවුන්ට මෙම ද්‍රව්‍ය පැවරීමේ බලය සහිත ලිපිය ලීවේ ඇන්ජෙලාදැයි සැකයක් පවතී.
අහඹු ලෙස එම පාර්සල් රේගු පරීක්ෂාවට ලක්වීමේදී එක් බ්‍රිතාන්‍යය ජාතිකයෙකු පැනගොස් ඇති අතර පාර්සල්වල සඟරාවක්, හඳුන්කූරු පෙට්ටියක් සහ කෘත්‍රිම ස්වර්ණාභාරණ කිහිපයක් තිබුණු බවත්, ඒ පාර්සල් තුනේ වූ
සඟරාවල පිටු කපා සකස් කළ කුටි තුළ පැකට් 8 (366g වටිනාකම රුපියල් 75,000ක් පමණ ) සඟවා තිබුණු බවත් රේගුව පවසයි. සැකකාර නිළිය මේ වන විටත් පොලිසියට භාර වී නොමැති කම මෙම
ප්‍රශ්නය දුර දිග යෑමට හේතු වී තිබේ.

No comments:

Post a Comment