Sunday, April 29, 2012

පාන් මිල අද සිටම වැඩිවෙලා

ලබන සඳුදා(30) සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 03 න් ඉහළ නැංවෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

‍ අද(28) පස්වරුවේ රැස්වූ සංගමයේ විධායක සභාවේ දී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්ය.

‍ තිරිඟු පිටි මිල රුපියල් 8.50 න් ඉහළ යාම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල ඉහළ දැමිය යුතු බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කර තිබිණි. නමුත් අද සිටම පාන් මිල වැඩි මිලකට අලෙවි කරන බව දැක ගත හැකි විය.

No comments:

Post a Comment