Monday, May 7, 2012

රජයේ තීරණ ඉදිරියේ කිරිපිටි සමාගම් බියෙන් හැකිලෙයි

lankahotnews.org
නුවරඑළියේ කිරි ගොවීන් කිරි මහමග හලා දැමීම පසුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇතැයි චෝදනා කරන රජය එම ප්‍රදේශවල සියළුම දියර කිරි මිල්කෝ ආයතනය මගින් මිලදීගෙන කිරිපිටි නිෂ්පාදනය කිරීමට තීරණය කර ඇත.

අමාත්‍ය මණ්ඩලය යෝජනාවක් ලෙස මෙය අනුමත කර තිබෙන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසූ අතර රජය කිරිපිටි සමාගම් වලට යටත් වීමට සූදානම් නැතැයිද අවධාරණය කළේය.


රජය විසින් මිලදී ගන්නා කිරි අදාළ ප්‍රදේශවල පාසැල් ළමුන් වෙනුවෙන් දිනකට කිරි වීදුරුවක් ලබාදීම වෙනුවෙන්ද වෙන් කිරීමට අදහස් කර තිබෙන බවත් රජයේ කිරි මිලදී ගැනීමේ වැඩසටහනට මහා භාණ්ඩාගාරය විසින් මුදල් වෙන්කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජය විසින් මේ වනවිට මිලදී ගන්නේ මෙරට කිරි නිෂ්පාදනයෙන් සියයට 50 කට ආසන්න ප්‍රමාණයකි. මෙරට කිරි නිෂ්පාදනය දිනෙන් දිනම වැඩිවෙමින් තිබෙන අතර කිරි සඳහා රුපියල් 50 ක සහතික මිලක් රජය විසින් නියම කරමින් වෙළඳ පොළ යාන්ත්‍රණය පාලනය කර ඇත.

No comments:

Post a Comment