Monday, May 7, 2012

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යයට, ත්‍රී පෝෂ පිටරටට


lankahotnews.org
මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ඉදිරි මාස තුන ඇතුළත ත්‍රිපෝෂ අපනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
පෞද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වූ ත්‍රිපෝෂ නිෂ්පාදන කර්මාන්තශාලාව මීට වසර කිහිපයකට පෙර රජයට පවරා ගැනීමත් සමඟ ත්‍රිපෝෂ නිෂ්පාදන සීඝ්‍ර ලෙස ඉහළ ගිය බවද සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.


කිරිදෙන මව්වරුන්ට හා වයස අවුරුදු 5ට අඩු බරින් යුත් දරුවන්ට මෙය ලබාදීමට කටයුතු කර ඇති අතර,එය ලබාදීමෙන් අනතුරුව ඉතිරිවන අතිරික්තය අපනයනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

රජය 2011 වසරේදී ප්‍රකාශ කලේ ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගුණාත්මක බඩඉරිඟු සහ සෝයා බෝංචි අවශ්‍ය තරම් මෙරට තුළ ම නිපදවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.
මෙම ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් සහ එච් 1 කලාපය, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ හුරුළුවැව ව්‍යාපාරය සහ මාතලේ දිස්ත්‍රික්කයට අයත් දේවහූව ව්‍යාපාරවල  ක්‍රියාත්මකකිරීමටත් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර  වැඩසටහන සහ ඉතාලියේ සහ ශ්‍රී ලංකාවේ සිංහ සමාජ ඒකාබද්ධ ව මූල්‍යාධාර සපයන බවටත් ප්‍රකාශ කළේය. එම ව්‍යාපෘති වල ඉලක්කය විදේශ විනිමය ගලායෑම නැවතීම වුවත් එම ඉලක්කත් පසු කරමින් ඉතා කෙටි කලකින් ත්‍රීපෝෂ අපනයනයට අත ගැසීමට සමත් වූයේ ත්‍රිපෝෂ නිෂ්පාදන කර්මාන්තශාලාව මීට වසර කිහිපයකට පෙර රජයට පවරා ගැනීම නිසා බවයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට අනුව සදහන් වන්නේ.
මහින්ද චින්තනය මෙවැනි හාස්කම් දක්වමින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා මෙහෙයවීම ලොව පුරා ආර්ථිකවේදීන් මවිතයට පත් වෙමින් සිටී.

No comments:

Post a Comment