Monday, May 7, 2012

බාල ගුවන් යානා තෙල් නිසා ගුවනේ අනතුරු නෑ

lankahotnews.org
පසුගිය කාලයේදී මෙරටට ගෙන්වූ බාල පෙට්‍රල් තොගයක්‌ නිසා මෝටර් රථ වාහන මහමඟ නතර වූ අතර අවසානයේ තෙල් සංස්‌ථාවට ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට ද සිදුවිය.  මෙවරද සිංගප්පූරු බිට්‍රිෂ් පෙ‍ට්‍රෝලියම් සමාගමෙන් මෙරටට ආනයනය කරන ලද ගුවන් යානා තෙල්
මෙට්‍රික්‌ටොන් විසිදහසකින් මෙට්‍රික්‌ ටොන් හත්දහස්‌ පන්සියයක්‌ බාල ඉන්ධන බවට රසායනාගාර පරීක්‍ෂණ වලින් තහවුරු වී තිබේ.
අදාළ බාල ගුවන් යානා තෙල් තොගය පිළිබඳව සිංගප්පූරු පෙ‍ට්‍රෝලියම් සමාගමට දැන් වූ පසුව එම සමාගමෙහි නිලධාරීන් පැමිණ වෙනම රසායනාගාර පරීක්‍ෂණයක්‌ සිදු කළ ද එම පරීක්‍ෂණ මගින් ද එම ඉන්ධන ප්‍රමිතියෙන් බාල බව තහවුරු කර ඇත.
ඒ අනුව ගුවන් යානා තෙල් තොගය බාර ගත නොහැකි බවට සංස්‌ථා ප්‍රධානීන් පවසා තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදාළ සමාගම සමඟ සාකච්ඡා වට කිහිපයක්‌ම පැවැත්වීමෙන් පසු ගුවන් යානා තෙල් මෙට්‍රික්‌ටොන් හත්දහස්‌ පන්සියය භූමිතෙල් ලෙස භාවිත කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව එකඟ වී ඇත.
ඒ වෙනුවෙන් එම ගුවන් යානා ඉන්ධන තොගය බැරලයකට ඇමරිකානු ඩොලර් ශත විසිපහ බැගින් අඩුකර මෙම ගුවන් යානා තෙල් මෙට්‍රික්‌ ටොන් හත්දහස්‌ පන්සියය භූමිතෙල් ලෙස පාවිච්චියට ගැනීමට තීරණය වී තිබේ.
මේ නිසා බාල පෙට්‍රල් නිසා සිදුවූ කරදරය ගුවන් යානා වලට සිදු නොවන අතර එහි පාඩුව ජනතාව වක්‍රා කාරයෙන් දැරීමට සිදු වේ.

No comments:

Post a Comment