Monday, May 7, 2012

විවාහක හිමිනම අධිකරණය හමුවට

lankahotnews.org
වෙනත් නමකින් පෙනී සිටිමින් තරුණියක් විවාහ කරගත් හිමිනමක් නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.නාවලපිටිය, අළුත්ගොඩ,දෙකිඳ ප්‍රදේශයේ විහාරස්ථානයක වයස අවුරුදු 25ක් වන හිමිනමක් වෙනත් නමකින් පෙනී සිටිමින් 2010 වර්ෂයේදී කැටගොඩ,උඩුගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් විවාහ
කර ගැනීමක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසියට කරන ලද පැමිණිල්ලක් පිළිබඳව විමර්ශන ආරම්භ කර මෙම හිමි නම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments:

Post a Comment