Tuesday, May 8, 2012

ප‍්‍රංශයේ නව ජනාධිපති එරට සමාජවාදී පක්ෂයේ ෆැන්සුවා හොලන්ඩේ

lankahotnews.org
ප‍්‍රංශයේ හිටපුජනාධිපති නිකොලොස්සාර්කෝසි පරාජයට පත් කරමින් ඔලන්ඩ් මෙම ජයග්‍රහණය හිමි කරගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් ෆැන්සුවා හොලන්ඩේ ජය හිමිකර ගෙන ඇත්තේ සියයට 51.7ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමිනි. නිකොලොස්සාර්කෝසි ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 48.3කි.

1980දශකයෙන් පසු සමාජවාදී අපේක්ෂකයෙකු ප‍්‍රංශ ජනාධිපති ලෙස තේරී පත්වූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂිතය.
මෙම ජයග‍්‍රහණයෙන් අනතුරුවෆැන්සුවා හොලන්ඩේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා ඇත්තේ ප‍්‍රංශ වැසියන්ට යළි බලාපොරොත්තුවක් දීමට හැකි වූ බවත් ඒ සම්බන්ධයෙන් ආඩම්බර වන බවත් ය. එසේම සිය පරාජය පිළිගනිමින් නිකොලොස් සාකෝසි ප‍්‍රකාශ කර ඇත්තේ ෆැන්සුවා හොලන්ඩේට සුබ පැතුම් එක්කරන බවය.

No comments:

Post a Comment