Friday, April 20, 2012

ජවිපෙ චීන සබදතා පළුදු වී නැතැයි වාර්ථා වේ

ජනතා විමුක්ති පෙරමුණ හා ශී‍්‍ර ලංකාවේ චීන තානාපතිවරිය යැංග් ෂියු පිං මහත්මිය අතර විශේෂ හමුවක්  (19)දින පෙ.ව. 10.00 ට පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. ඒ සඳහා සෝමවංශ අමරසිංහ මහතා සහ විජිත හේරත් මහතා සහභාගී වූ බව පක්ෂයේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.තානාපතිතුමිය තමන්ගේ ධූර කාලය අවසන් කර
රටින් පිටත්වයෑමට නියමිත අතර ඒ බව දැනුම්දීම මෙම හමුවේ අරමුණ වී තිබිණ.එම හමුවේදී ජ.වි.පෙ නායකයා විසින් චීන තානාපතිනියට සමරු තිළිණයක්ද පිළිගන්වන ලදි.

එසේම මෙම හමුවේදි චීන තානාපතිනිය චීන ආණ්ඩුව සහ චීන කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් තම රාජකාරී කිරීමේදී දැක්වූ සහයෝගය සහ මිත‍්‍රත්වය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණට සිය සිතූතිය පළ කළාය. මෙම හමුවේදී ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා ද, චීන තානාපතිවරිය ශී‍්‍ර ලංකාවේදී සිදුකළ සේවය වෙනුවෙන් ස්තූතිය පළ කළේය. එමෙන්ම ඔහු ජවිපෙ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර පවතින මිත‍්‍රත්වය සහ සහයෝගිතාවට අඛණ්ඩව ශක්තිමත්ව ඉදිරියට ගෙනයන බවටත් ප‍්‍රකාශ කළේය. චීනයේ ආර්ථික ශක්තිය සහ විශේෂයෙන්ම විදේශ ප‍්‍රතිපත්තිය පිළිබඳ සතුටුවන බව ප‍්‍රකාශ කළ අතර ඇයගේ ඉදිරි කටයුතු සාර්ථකව සිදුකරගෙන යෑමට ජවිපෙ සිය සුභ පැතුම් ඇය වෙත පිරිනමන ලදී.


No comments:

Post a Comment