Tuesday, April 24, 2012

මුස්ලිම් නායකයන් තම ජාතිකත්වය ඉදිරියේ වීරයින් වීමේ පොරයක

පොදු ජනතාව ආගමික සීමා ඔස්සේ බේද භින්න කොට තම තමන්ගේ පටු අරමුණු ඉටුකරගැනීමට මාන බලන ආණ්ඩුවේත් විවිධ කණ්ඩායම්වල උත්සාහයත් එවැනි අවස්ථාවකදී තම ජාතිකත්වය ඉදිරියේ බාල දේශපාලන රංගනයක යෙදෙමින් තම ජන්ද පදනම් රැක ගැනීමේ දේශපාලකයින්ගේ උත්සාහයත් ජාතිවාදී ගිණි ඇවිලෙද්දී ඒ දෙස වගකීම් විරහිතව හැසිරෙන ආණ්ඩුවේ
උත්සාහයත් දැකිය හැකිය.

මෙය සරල සිද්ධියක් වුවවද ආණ්ඩු ප්‍රකාශකළේ අපි ජාති, ආගම් හා සංස්කෘතික වශයෙන් විවිධ මට්ටම් වලින් යුතු වුවත්, අන්‍යෝන්‍ය වශයෙන් ගෞරවය දැක්විය යුතු බවත් කෙසේ වුවත්, දඹුල්ල පූජා භූමි ප්‍රදේශය තුළ තිබෙන මුස්ලිම් සිද්ධස්ථානය වෙනත් ස්ථානයක ඉදිකිරීමට මේ වන විට එකඟත්වය පළවි ඇති බවයි. මුස්ලිම් දේවාස්ථානය ප‍්‍රදේශයේ වෙනත් සුදුසු ස්ථානයක ස්ථාපිත කර අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස අග‍්‍රමාත්‍යවරයා  නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බව එම නිවේදනයේ සඳහන් විය. මීට අමතරව සුළු මතභේද, දුර දිග යාමට ඉඩ නොදිය යුතු බවත්, එවැනි අර්බුදවලදී සියලු පාර්ශවයන්ගේ අදහස් පදනම් කර ගනිමින් විසඳුම් වෙත යා යුතු බවත්, ජාතීන් හා ආගම් අතර මතභේද ඇතිවන ආකාරයෙන් අප තීරණ නොගත යුතු බවත් ප්‍රකාශ විය.

ගම්පොළ ප‍්‍රදේශයේ පැවති විශේෂ සාකච්ඡවකින් අනතුරුව අග‍්‍රමාත්‍යවරයා මෙම තිරණය ගත් බවත් සාකච්ඡව සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මවුලානා, නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් සහ ඒ.එල්.එම්. හිස්බුල්ලා යන දේශපාලන නායකයින්ද එක්වු බව ප්‍රකාශ විය. නමුත් ආණ්ඩුවේ මෙම ප්‍රකාශය බොරු බවත් එවැනි එකග වීමක් සිදු නොවූ බවද මුස්ලිම් පල්ලිය කිසි‍සේත් ඉවත් නොකල
යුතුයැයි මුස්ලිම් නායකයින් ප්‍රකාශ කරන ලදි.

දඹුල්ලේ මුස්ලිම් පල්ලිය ඉවත් කිරීම සඳහා මෙතෙක් කිසිම තීරණයක් ගෙන නැතැයිද ඒ සඳහා පැවති බව කියන කිසිදු සාකච්ඡාවකට තමන් හෝ බස්හාර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතා සහභාගී නොවූ බවත් එවැනි සාකච්චාවකට සහභාගී වූ බවට ගෙන යන ප‍්‍රචාරය සම්පූර්ණයෙන්ම වැරදි බවත් නාගරික කටයුතු ඇමති ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසීය. පල්ලිය ඉවත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනතාව හා මුස්ලිම් නායකයන් දැනුවත් කොට යුතුව ඇතැයිද ඒ මහතා සඳහන් කරයි. කෙසේ නමුදු තීරණය ගන්නේ තමන් බවත් එක එක තීරණ වලට තමන් හිස නොනමන බවත් ප්‍රකාශ විය.

මේ අතර දඹුල්ල මුස්ලිම් පල්ලිය වෙනත් ස්ථානයකට ගෙනයාමට විරෝධය පළ කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා මහතා පැවසීය.

 රවුෆ් හකීම් මහතා පල්ලිය වෙනත් ස්ථානයකට ගෙනයාමට විරෝධය පළ ක‍ළේය.

 දඹුල්ල පූජා භූමිය ප‍්‍රදේශයේ ඉදිකර ඇති මුස්ලිම් පල්ලිය එම ස්ථානයෙන් ඉවත් කොට වෙනත් ස්ථානයක ඉදිකිරීමට තමන් විරුද්ධ බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පැවසීය.

No comments:

Post a Comment