Tuesday, April 24, 2012

රට පුරා ටොර්නාඩෝ අවදානමක්

lankahotnews.org
ශ‍්‍රී ලංකාවේ අන්තර් මෝසම් කාළගුණය සක‍්‍රිය වී තිබීම හේතුවෙන් වැසි සහ අකුණු ගැසීම් මෙන්ම ටොර්නාඩෝ (tornado) තත්වයන්ද රටපුරා ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එවැනි ටොර්නාඩෝ තත්වයක් කුරුණෑගල ගල්ගමුවේ ප්‍රෙදේශ 02ක ඇතිවූ අතර මේ හේතුවෙන්  නිසා නිවාස ඇතුළු ගොඩනැඟිලි කිහිපයකට අලාභ හානි සිදුව තිබේ.


මෙවැනි ටොනේඩෝ තත්වයන් රටපුරා සෙසු ප‍්‍රදේශවලද ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී. මීට පෙර ඌව පළාතේ ස්ථාන කිහිපයකත් දකුණු පළාතේ ප්‍රෙද්ශ කිහිපයකත් මෙවැනි ටොනේඩෝ තත්වයක් ඇති විය. නමුත් ගල්ගමුවේ ටොර්නේඩෝව එතරම් බරපතල නොවූවත් විදුලිය විසන්දී වීමක්ද සිදුවීමත් එවැනි තත්වයක් මොරා යෑමේ අවධානමත් නිසා විශේෂයක් වී ඇත. ටොනේඩෝ වල වැඩිම බලපෑම් ඇති වී ඇත්තේ ඇමෙරිකානු රටවලටයි. නමුත් මෑත කාලයේ සිට ශ්‍රී ලංකාවේත් මෙවැනි තත්වයක් කිහිප විටකදීම මතු විය.

No comments:

Post a Comment