Tuesday, April 24, 2012

රාජපක්ෂවරුන් බලයේ සිටින තාක් කල් මට අත තියන්න කාටවත් බෑ

lankahotnews.org
කැලණියේ සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද කියා සිටියේ ආසන සංවිධායකවරයෙකු ඉවත් කළ හැක්කේත් ,සංවිධායකවරයෙකුට එරෙහිව
 විනය ක්‍රියා මාර්ගයක් ගත හැක්කේත් ජනාධිපතිවරයාට පමණක් බවයි. ඒ නිසාම ඉදිරියටත් කැලණිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා
වශයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතා කටයුතු කරනු ඇති බවත්, පක්ෂයේ සෙසු ක්‍රියාකාරීන් ක්‍රියා කළ යුත්තේ ආසන සංවිධායකවරයාගේ අනුදැනුම මත බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙම ප්‍රකාශය මගින් වඩාත් තහවුරු වනු ඇත්තේ මර්වින් සිල්වා මහතාට එරෙහි විනය විරෝධී චෝදනා යටපත් වන බව මෙන්ම අමාත්‍යවරයාට එරෙහිව නැඟී සිටි කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ මන්ත්‍රීවරුන්ගේ දේශපාලන හාපරාජයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විනය පරීක්ෂණයක් සිදුකරන බවට වාර්තා පළ වූ මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය,ආචාර්ය මර්වින් සිල්වා මහතා කලක් නිහඬව සිට කිසිදු වග විභාගයකින් තොරව යළි දේශපාලන කරළියට පැමිණීම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ කලකිරීමට හේතු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment