Friday, July 27, 2012

ජනතාව පෙළන පාලනයට එරෙහිව දෙවුන්දර තුඩුවේ සිට ‍පේදුරු තුඩුව දක්වා ජවිපෙ රථ පෙළපාලියක


වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම පවත්වාගෙන යන හිතුවක්කාර, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, අත්තනෝමතික පාලනයට විරුද්ධව ජනතාව දැනුවත්කිරීමේ සහ සංවිධානය කිරීමේ ව්‍යාපාරයක් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කොට ඇති අතර  ‘‘ජනතාව පෙළන පාලනයට එරෙහිව ජන පෙළගැස්ම’’ යන තේමාවෙන් ජනතාව ඒකරාශී කිරීම මෙහි අරමුණයි. මේ සඳහා විවිධ කි‍්‍රයාමාර්ග අතරේ මූලික පියවලෙස ජූලි 27 සිට අගෝස්තු 1 දක්වා රථ පෙළපාලියක් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා
පැවැත්වෙන අතර එහි පළමු දිනය අතිසාර්ථක බවයි ජවිපෙ මාධ්‍ය ඒකකය පවසන්නේ.   අද උදේ දෙවුන්දර නගරයේ ඔරලෝසු කණුව අසලින් ආරම්භ වූ පෙළපාලිය අද සවස අම්බලන්ගොඩ නගරය දක්වා පැමිණ තිබේ.  


No comments:

Post a Comment