Friday, July 27, 2012

දයාසිරි ජයසේකර සමග අශෝක් අබේසිංහත් ආණ්ඩුවට


එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා ද ආණ්ඩුවට එක්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා ආණ්ඩුවට එක්වුවහොත් ඔහු සමග අශෝක අබේසිංහ මහතා ද ආණ්ඩුවට එක්වන බව එම වාර්තා සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොමැති බවත්තමන් සෑමවිටම හෘද සාක්ෂියට අනුව කටයුතු කරන බවද අශෝක් අබේසිංහ මන්ත‍්‍රීවරයා පවසා තිබේ.

මේ අතර අශෝක අබේසිංහ මහතා ණය ගොඩක හිරවී ඇති බවත් ආණ්ඩුවට එකතු වීමට ජානත බෝගොල්ලාගම මහතාගේ බලපෑම් තිබුණු බවත් මෙම ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ නමුදු පක්ෂ මාරු කිරීමේ ජාති ලක්ෂණ ඇති අශෝක් අබේසිංහ මහතා සන්ධාන ආණ්ඩුවෙන් කුරුණෑගල නගරාධිපති වී එජාපයෙන් දේශපාලනයට පිවිස පාර්ලිමේන්තුවට පැමිණියේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එජාපය හැරගිය විට වූ පුරප්පාඩුව පුරවමිනි. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාද හිටපු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් වන අතර ඔහුට සුදර්මන් මහතාගේ දේශපාලන දුර්වල කම නිසා පහසුවෙන්ම පඩුවස්නුවර ආසන සංවිධායක ධූරය ලබා ගත හැකිය.
ආණ්ඩුවෙන් ලැබෙන වරප්‍රසාද කෙසේ වෙතත් අශෝක් අබේසිංහ මහතා මීලග මැතිවරණයෙන්ද පාර්ලිමේන්තුවට යා හැකි පරිදි මෙම දේශපාලන තීන්දුව ගන්නා බව දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.
මේ අතර මැතිවරණයක් ආසන්න වෙද්දී පක්ෂයේ සමගියට බාධාවන අයුරින් කටයුතු කරන මන්ත‍්‍රීවරුන්, ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්තුවක් ඉටු කරන බව යි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පවසයි. මෙම අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජන ගැනීමට සජිත් පිල සූදානම්ව සිටියත් ලැබෙන ප්‍රතිඵලයක් නම් නොලැබෙන බව විශ්වාසය.

No comments:

Post a Comment