Saturday, July 28, 2012

උතුරේ හමුදා පාලනය විහිළුවක් - හමුදාව පාසැල් විභාගයක් නවතා ක්‍රීඩා උත්සවයකයකට සිසුන් බලෙන් ගෙන යයි



මේ දිනවල පාසල්වල දෙවන වාරයෙහි විභාගයන් පැවත්වෙමින් තිබේ. මෙවැනි තත්වයක පූනගරි කොඨශයට අයත් 30කට අධික පාසල්වල ඉගෙනුම් ලබන 3000කට අධික සිසුන් විභාගයට පෙනී සිටින අතරවාරයේ හමුදාව විසින් ජෙයපුරම් හා අවට ගම්මානවල සිටන සිසුන්ව තුනුක්කායිවල ක්‍රීඩා උත්සවයක් සඳහා බලයෙන් රැගෙන ගොස් තිබේ. මෙම නිසා අධ්‍යාපන දෙපාර්තුමෙන්තුවෙහි විභාග විදි විධානවලට එපිට පූනගරි කොඨාශයෙහි විභාගයන් නවතාදමා තිබේ.

ශ්‍රී ලංකාවෙහි කුමන පරිපාලන විදි විධාන යටතේ මෙම විභාගයන් හමුදාව විසින් නවතා දමා ඇතයි නොදැන විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා දෙමිපියන් තම කණස්සල්ල පලකර තිබේ.

පූනගරි ප්‍රදේශයෙහි සිසුවියන්ව දෙමවිපියන්ගේ හා ගුරුවරුන්ගේ ආරක්‍ෂාව නොමැතිව හමුදාව විසින් බස්වල රැගෙන ගිය බව ප්‍රදේශයේ ජනතාව පවසා සිටිති.

සිවිල් පරිපාලනයට හමුදාව මැදිහත් නොවන බවට රජය ප්‍රකාශ කලද උතුරේ සැබෑ තත්වය මෙයයි. හමුදාවට සිවිල් බලතල ලැබුණු අවස්ථාවලදී මීට වඩා සිදු වීම් ලෝකය පුරා වාර්ථා විය. උතුරේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීමට බිය ආණ්ඩුව තව තවත් උතුරේ ජනයා වෙනත් කොටියෙක් ලගට දක්වමින් සිටී.

No comments:

Post a Comment