Tuesday, July 31, 2012

ආණ්ඩුව දූෂිතයි කියනවානම් අල්ලස් කොමිෂමට ගිහින් පැමිණිලි කරන්න

ආණ්ඩුව දූෂිත නම් අල්ලස් කොමිෂමට ගිහින් පැමිණිලි කරන්න. මම කියන්නේ බොරුවට දූෂිතයි නොකියා මේ පිළිබඳව යථාර්ථවාදීව බලන්න කියලා පරිසර අමාත්‍ය          අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි.
අපි විශාල වරායන් හදනවා. කොළඹ වරාය සංවර්ධනය කරනවා. දෙසැම්බර් මාසයේ අපි ගාලු මුවදොර අක්කර 500ක් ගොඩකරලා එය සම්පූර්ණ නගරයක් බවට පත් කරනවා. ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය වෙනවා. ගාලු
වරාය සංවර්ධනය වෙනවා. කන්කසන්තුරේ වරාය අලුතින් ම හදනවා. මේ සියල්ල අපිට කරන්නට හැකි වුණේ යුද්ධයට තිත තිබ්බට පස්සේ.
අපේ පක්ෂයට පුළුල් ජන සහභාගීත්වයක් තිබෙනවා. ඒ වගේ ම ජනතා අවශ්‍යතා එකින් එක ඉටු කරන ගමන් තරුණ පරපුර ගැනත් බලනවා. උපාධිධාරීන්ට දේශපාලනය නොබලා රැකියා දුන්නා. 
සෑම ජන වර්ගයකටම එක හා සමානව සාධාරණ ලෙස අපේ ආණ්ඩුව කටයුතු කරනවා යැයි අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දා කුරුණෑගල පන්නල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. 

No comments:

Post a Comment