Friday, July 27, 2012

ජනපති සොයා බැලීමෙන් ගිලන් රථ 250ක් මිලදී ගනී


රටේ ප්‍රශ්ණ පිළිබද දැඩි අවදානයකින් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි රොහල් සදහා ගිලන් රථ 250ක් මිලදී ලන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට අණ කොට තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ගෙනා  යෝජනාවක් අනුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව තුළ දැනට පවත්නා ගිලන් රථ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ගිලන් රථ 250ක් මිලදී ගෙන අවශ්‍ය රෝහල් වෙත බෙදා දිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ලැබි තිබේ.

 
ජාතික අයවැය දෙ‍පාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති භාණ්ඩාගාර චක්‍රලේඛ අංක 150 ප්‍රකාර කල්බදු ක්‍රමය යටතේ මෙම ගිලන් රථ මිලදී ගෙන දැනට කිසිදු ගිලන් රථයක් හෝ නොමැති දිවයින පුරා ඇති රෝහල් අතර සහ අනෙකුත් අවශ්‍ය රෝහල් අතර බෙදාදීමට ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. 

No comments:

Post a Comment