Thursday, July 26, 2012

කොරහේ කිඹුලන් දුටු ඇමති බන්දුල


පසුගිය උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඉසෙඩ් ලකුණු පිළිබද විපක්ෂය මේ බව පෙන්වා දුන් විට බන්දුල ගුණවර්ධන, එස්බී ඇමතිවරු විපක්ෂය තලියේ කිඹුලන් දකින ප්‍රකාශ කල බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ  ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා,
අධ්‍යාපනයේ තිබෙන බරපතල ගැටළු දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. විශ්වවිද්‍යාල සේවකයින් පවා අචාර්ය මහාචාර්යවරුන්ගේ සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදී
ආණ්ඩුව මගහැර තිඛෙනවා. ඒ අතර පසුගිය උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඉසෙඩ් ලකුණු අගය ගැන ප්‍රශ්නයත් එකතු වී තිඛෙනවා. මේ ප්‍රශ්නය ඇතිවී තිඛෙන්නේ උසස් පෙළ සමත් වන සියලූ සිසුන් විශ්වවිද්‍යාල වලට බඳවාගැනීමට අසමත් වූ නිසයි. ඉසෙඩ් ලකුණු සූත්‍රය හඳුන්වා දෙන්නේ එම සමත් සිසුන් කප්පාදු කිරීමයි. නමුත් පසුගිය වසරේ පැවැති විභාගයේදී අලූත් විෂය නිර්දේශ සහ පරණ විෂය නිර්දේශවලට පෙනී සිටි සිසුන් සම්බන්ධයෙන් අනුගමනය කළ වැරදි ක්‍රියාමාර්ගය නිසා විශාල අර්බුදයක් ඇති වී තිබෙනවා. විපක්ෂය මේ බව පෙන්වා දුන් විට බන්දුල ගුණවර්ධන, එස්බී ඇමතිවරු චෝදනා කළේ විපක්ෂය තලියේ කිඹුලන් දකින බවයි. නමුත් මේ වනවිට පැහැදිලි වන්නේ මුළු විභාගයට පෙනී සිටි සියලූ දෙනාගේ බලාපොරොත්තු බිඳ වැටී ඇති බවයි. ඇමතිවරු උද්දච්ච කතා කියමින් ප්‍රශ්නය මගහැර ගියා මිස නිහතමානීව මැදිහත්වී එය විසඳුවේ නැහැ. අද වනවිට සියල්ල අවුල් ජාලයක් වී ශිෂ්‍යන්ගේ අනාගතය අඳුරෙන් අඳුරට පත්කර තිබෙනවා.

No comments:

Post a Comment