Thursday, July 26, 2012

අතුරුදහන්වූවන් ගැන පිල්ලෙයාන් සොයාබලා නෑ TNA චෝදනා කරයි


නැගෙනහිර ඡන්ද සටන උණුසුම් වන්නේ නැවත වරක් ජාතිවාදී දේශපාලනය කරලියට පැමිණි නිසාය. දමිළ ජනතාවගේ ජන්ද ඉලක්කකොට ගනිමින් විවිධ ප්‍රකාශ නිකුත් වෙමින් පවතී. මෙහිදී නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරයි චන්ද්‍රකාන්දන්ගේ වසර තුනක පාලන සමයේදී 130 දෙනෙකු අතුරුදහන්වී ඇතයි දෙමළ ජාතික සන්ධානයෙහි පාර්ලිමෙන්තු මන්ත්‍රී යෝගේස්වරන් මහතා පවසා තිබේ.


අතුරුදහන්වූවන්ට නිදහසේ ජීවත්වීමට අවස්ථාවක් නොදුන්නේ ඇයිදැයි හා ප්‍රධාන අමාත්‍යවරයකු වශයෙන් අතුරුදහන්වූ පිරිසට කුමක්වූවේදැයි සොයා බැලීම සඳහා කණ්ඩායමක් හෝ චන්ද්‍රකාන්දන් විසින් පත්කර නොමැති බවන් දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.

මෙමඟින් අතුරුදහන්වූවන් කෙරෙහි ඔහුට කිසිම සැලකිල්ලක් නොමැති බව දැකිය හැකිය. මෙයට හේතුව කුමක්දැයි හෙතෙම ප්‍රශ්ණකර තිබේ. සංවර්ධනය නමින් මාර්ග හා පාලම් ඉදිකිරීමෙන් යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාවට කිසිම යහපතක් ලැබෙන්නේ නැතයි හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.


No comments:

Post a Comment