![]() |
කිලිෙනාච්චිෙය්දී |
![]() |
වවිනාෙව්දී |
ඒ අනුව 2008 සිට ජූලි 23 වෙනිදා සහෝදරත්වයේ දිනය වශයෙන් ප‍්‍රකාශයට පත්කර ඒ වෙනුවෙන් විවිධ කි‍්‍රයාකාරකම්වල
නියැලුණු අතර මෙවර සිංහල දෙමළ මුස්ලිම් සහෝදරත්වය සහ සමගිය ඇති කිරීමේ දිශාවට ජූලි
23 සහෝදරත්වයේ දිනයේදී විශේෂ වැඩසටහන් කිහිපයක් කි‍්‍රයාත්මක කොට තිබුණා.
අනුරාධපුර සිට වව්නියාවට සහෝදරත්වයේ දුම්රිය ගමන හා
කිලිනොච්චියේදී ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයත් ඒ කි‍්‍රයාමාර්ගවලට සමගාමීව රටේ
අනෙකුත් සියලූම දිස්ත‍්‍රික්කවල ජාතික සමගිය ගොඩනැගීම සහ සහෝදරත්වය වර්ධනය කිරීමේ
විවිධ කි‍්‍රයාකාරකම් ලෙසත්ය.
යුද්ධය අවසන්ව ඇති මොහොතකත් මෙම දිනය දා කිලිනොච්චියත්
වව්නියාවත් ගිනියම්වුනා. වවුනියා පොලීසිය සහෝදරත්වයේ කෝච්චිය පිළිගැනීමට කුළු පොළු
හමුදාවක් එවා තිබුන අතර කළු ජූලිය දිනයදා කිසිදු සැමරුම් ක්‍රියාවලියකට බාධා වන
අයුරින් අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබුණි. මේ අතර කිලිනොච්චියේ පැවති සහෝදරත්වයේ
දින පා ගමනටද පොලිස් දැඩි භාදා කිරීම් මැද අතර මගදී පා ගමන නවතා දමා තිබුණි. මෙසේ ආණ්ඩුවේ බාදා කිරීම් මැද දහස් ගනන්
සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් මෙම දිනයේ වැදගත් කම ගැන කථා කරමින් වව්නියාවේදී
හා කිලිනොච්චියේදී දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් හා අත් පත්‍රිකා බෙදීමේ ව්‍යපාරයක්
දියත් කොට තිබුනි.
![]() |
වව්නියාෙව්දී |
වව්නියාවේ පැවති පාගමන හා
රැස්වීම වැළැක්වීම සඳහා වව්නියාව පොලීසිය ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මහේස්ත්‍රාත්
අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන තිබුණද තරුණ සංගමය විසින් අධිකරණය හමුවේ කරුණු
දැක්වීමෙන් පසු එම වාරණය ඉවත් කොටගෙන එහි ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා වව්නියාවේ නගරසභා පිටියට පැමිණි බිමල් රත්නායක මහතා
අධිකරණයට අපහාස කළ අමාත්‍යවරුන්ට සැලියුට් ගැසීමට සිදුව ඇති පොලීසිය අද සහෝදරත්වයේ
පා ගමනට එරෙහිව අතුරු තහනම් නියෝග ඉල්ලීමට තරම් ලැජ්ජා සහගත තත්වයකට ඇද දමා තිබීම
පිළිබඳව කණගාටු බව පැවසීය.

"කුමන බාධා පැමිණියත් ජාතික සමගිය
වෙනුවෙන් පෙරට තැබූ පය පසුපසට ගැනීමට අපි සූදානම් නැහැ." බිමල් රත්නායක මහතා
වැඩිදුරටත් අවධාරණය කළේය.
No comments:
Post a Comment