Monday, July 16, 2012

එජනිස අභ්‍යන්තර ගැටුම් උග්‍ර අතට - හෙළ උරුමය ජන්ද වර්ජනයක, ජනිපෙ පංචායුධයෙන්

එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයන් තේරීම පිළිබඳ සාකච්ඡාවේදී සන්ධාන නායකයින් අතර උණුසුම් තත්වයක් ඇති වී ඇත. සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම පාලනය කරගැනීමට නොහැකි වූ තැන බැසිල් රාජපක්ෂ මහතා පැමිණ ඇති අතර ඔහු සුපුරුදු ලෙස නිදහසේ වචන හසුරවමින් රාජපක්ෂ පවුලේ ආධිපත්‍ය පතුරවමින් සිටියද පෙර පරිදි ඒවාට සවන් දීමට සන්ධාන නායකයන් සූදානම් නොවී ඇත. එහිදී ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉතා උණුසුම් වාග් ප්‍රහාරයක් එල්ල වී
ඇතැයි වාර්තා වේ.
කිසිවෙකුට ඉල්ලන විදිහට අපේක්ෂකයින් දාන්න  ඉඩ නොදෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා තම අදහස් ප්‍රකාශ කලද ඇමතිවරුන් වන විමල් වීරවංශ,  චම්පික රණවක, තිස්ස විතාරණ යන අය බැසිල් රාජපක්ෂට දැඩි ලෙස චෝදනා කර ඇත. එහිදී ඇති වූ උණුසුම් වචන හුවමාරුවේදී කියා ඇත්තේ, ඔය විදිහට වැඩ කරනවා නම් අපට වැඩකරන්න බැහැ. කැමති විදිහකට වැඩ කරගන්න. අපිට නිකං පුස් පාට් දාන්න එපා. අපිට හැමදාම කැපිලි. අපි ඉන්නේ ආණ්ඩුව වෙනුවෙන් වේදිකාවට නැගල ආණ්ඩුව ප්‍රශ්ණ විසදාවි කියන විශ්වාසය ජනතාව මත හදන්න විතරද ආදී වශයෙන් බැසිල්ට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.
මෙවර මැතිවරණයේදී (උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණය) කිසිදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් නොකිරීමට ජාතික හෙළ උරුමය තීරණය කර තිබේ.
මේ මොහොතේ රට තුළ මතු වී ඇති ආර්ථික, සමාජිය හා සංස්කෘතික වටපිටාවත්, ජනතාවගේ උනන්දුව අවම වීමත් යන කාරණා සලකා බලා මෙම තීරණය ගත් බව එම පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා සඳහන් කරයි.
මේ අතර ජනිපෙන් ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිතව තිබූ ජයන්ත විජේසේකර මහතාට නාම යෝජනා නොලැබෙන අතර ඒ නිසා තමන් පංචායුධයෙන් ඡන්දය ඉල්ලන බවද ප්‍රකාශ කොට තිබේ.

No comments:

Post a Comment