Tuesday, July 17, 2012

බෞද්ධ භික්ෂූන්ට සංවර්ධන නිලධාරී තනතුරු දීම ශාසනික පරිහානියක්


උපාධිධාරී සහ වෙනත් අධ්‍යාපන සුදුසුකම් ලැබු භික්ෂූන් වහන්සේ සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන ඇති බව ත්‍රෛයිනිකායික මහනායක ස්වාමීන් වහන්සේ පවසයි.

ත්‍රෛයිනිකායික මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අධ්‍යාපන අමාත්‍යවරයාට විශේෂ ලිපියක් යොමුකරමින් මේ පිළිබඳව දැනුම් දී ඇත.

උපාධිධාරී මෙන්ම වෙනත් අධ්‍යාපනික සුදුසුකම් ලැබු මෙම
ස්වාමීන් වහන්සේ රජයේ පාසල්වල හෝ පිරිවෙන්වල ගුරුවරුන් වශයෙන් සේවය කිරීම හැර රජයේ හෝ වෙනත් ආයතනවල රැකියාවන් ලබාදීම සම්බුද්ධ ශාසනයට කෙරෙන අගෞරවයක් බව එම ලිපියේ සඳහන්ය.

මෙම තත්ත්වය ශාසනික පරිහානියට හේතුවක් බව සඳහන් කරන ත්‍රෛයි නිකායික මහනායක ස්වාමීන් වහන්සේ දැනට යෝජිත පත්වීම් වෙනුවට එම භික්ෂූන් වහන්සේ පදිංචිව සිටින විහාරස්ථාන ආසන්නයේ රජයේ පාසල්වලට එම පත්වීම් ලබාදීම වඩාත් වැදගත් බව එම ලිපියෙන් පෙන්වාදි ඇත.

බෞද්ධ භික්ෂූන් පාර්ලිමේන්තුවට යෑමද ශාසනික පරිහානියක් බව මහනායක හිමි වරුන් ප්‍රකාශ කලද එය දැන් සාමාන්‍ය කරනයට පත්ව ඇත. ඒ ලෙසම භික්ෂූන් වහන්සේ රැකියාවන්හි නිරත වීමද නුදුරේදීම සාමාන්‍ය කරනයට පත්වී භික්ෂූන්ගේ අයිතිවාසිකම් තහවුරු වනු ඇත.

No comments:

Post a Comment