Monday, July 16, 2012

උගතුන්ට බහරේනයටද විකිණෙනු හැකිය - ඩිලාන් පෙරේරා


ජාතික සහ ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සුදුසුකම් සහිත ශ්‍රී ලාංකිකයන්ගේ නූතන දැනුම හා පළපුරුද්ද ගැඹුරින් සලකා බහරේන්හි රැකියා අවස්ථා විවෘත කරදෙන බව අමාත්‍ය ඩිලාන් පෙ‍රේරා මහතා පවසයි. වෘත්තීය සුදුසුකම් සහිත මිනිසකු රටට උකහා ගැනීම සදහා ආර්ථිකයක් නිර්මාණය නොකරන මහින්ද චින්තන ප්‍රතිපත්තිය වෘත්තීය සුදුසුකම් සහිත මිනිසුන් විදේශයන්ට විකුණා ලැබෙන විදේශ විනිමය රටේ ප්‍රධානතම ආදායම් මාර්ගය කර ගනිමින් සිටියි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ ඇමති වරයා බහරේන්හි මැනමා නගරයේ ක්‍රවුන් ප්ලාසා සමුළු ශාලාවේ දී බහරේන්හි ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයකදී පවසන්නේ ශ්‍රී ලාංකිකයින් ලොවපුරා  විහිදි රටවල් ගණනාවකට සේවය සඳහා වසරකට 250,000 ක් පමණදෙනා පිටව යන අතර දැනටමත් මිලියන 1.9 ක පමණ ශ්‍රී ලාංකිකයින් පිරිසක් විදේශයන්හි සේවය කරන බවයි. ඔවුන්, විවිධ වෘත්තිකයන්, විවිධ වයස් කාණ්ඩයන්හි, විවිධ අත්දැකීම්, පළපුරුද්ද සහ විෂයානුබද්ධ දැනුම ඇති අය වන අතර ඔවුන් සියල්ල උපයන ආදායම අද වන විට ශ්‍රී ලාංකීය ආර්ථිකයේ කශේරුව බවට පත්ව ඇත.
ගෘහ පාළිකාවන් ලෙස සේවය සඳහා පිටත්වීමට බලාපොරොත්තුවන සෑම අයෙක්ම ජාතික වෘත්තීය පුහුණුව තුන්වන අදියරය සමත් වී තිබීම නිර්දේශ කර ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන අවසන් අතර එලෙසම එම සීමාව ඉක්මවා අයෙකුට තවදුරටත් පරිචයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා උපාධිය දක්වා අධ්‍යාපනයට දැන් දොරටු විවෘත බව ද ඩිලාන් පෙ‍රේරා මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ බහරේනය සදහා ලාංකීය ගෘහ පාලිකාවන් උසස් තත්වයක ඇති බව පෙන්වීමටයි.

No comments:

Post a Comment