Saturday, July 14, 2012

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව රජයට බරක් නිදහස් අධ්‍යාපනය?


2013 වසර සඳහා අවශ්‍ය පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීම මුද්‍රණාල 18ක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ මෙම යෝජනාවට අනුව වර්ග 322කට අයත් පාසල් පෙළ පොත් මිලියන 29ක් පමණ මුද්‍රණය කරනු ලබන අතර මේ සඳහා පත්කරන ලද අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අනුව පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ ආයතන 18ක් වෙත වගකීම් පවරනු ලැබේ.


ලබන වසර සඳහා වන පාසල් පෙළ පොත් දෙසැම්බර් මස අවසානයට පෙර බෙදාහැරීමට නියමිතය. මේ සඳහා මිලියන 1500ක් පමණ වැය වේ. රජයේ මෙම ඉලක්කය සම්පූර්ණ කිරීමට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට නොහැකිවීම රටේ අවාසනාවකි. මෙයින් පෞද්ගලික අංශය අධික ලාභයක් දරයි. මුද්‍රණ කර්මාන්තයේ අමුද්‍රව්‍ය දේශීයව නොලැබෙන නිසා මෙම කර්මාන්තයේ ලාභයම අධිරාජ්‍යවාදීන්ට පිදීමක් වන අතර එවැනි අවස්ථාවක රටට වැදගත් වූ මෙවන් ආයතනයක් විනාශයට ඇද දැමීමම රටේ අභ්‍යාගයකි. මීට අමතරව නිදහස් අධ්‍යාපනයද රටට බරක් බව පෙන්වා එයද විනාශ මුඛයට ඇද දැමීමද මෙහි තවත් ඉලක්කයකි.                                                                                                

No comments:

Post a Comment