Saturday, July 14, 2012

මධ්‍යම ඌව පළාත් ඡන්දයේදී බඩු මිල වැඩි කොට දේශීය ගොවිතැන රැක ගන්නවා


මහින්ද චින්තන ජාතික පුනර්ජීවන වැඩපිළිවෙළෙහි මූලික හරය ලෙස වන්නේ දේශයේ සම්පත් සහ අප රටේ ජනතාව කෙරෙහි ඉහළ විශ්වාසයක් තබමින් රටෙහි නිමැවුම, ආදායම, සේවා නියුක්තිය ඉහළ නංවා, මිල ස්ථාවරත්වයක් ඇති කොට ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමයි. මෙහි ව්‍යාතිරේකයක් එක් විය යුතු බවයි ජනතාවගේ අදහස වී ඇත්තේ. සහල්, අර්තාපල්, ලොකු ලූනු, රතු ලූනු, මුං ඇට, වියළි මිරිස්, කව්පි, ටින් මාළු, හාල්මැස්සන්, කරවල යන ආදි ජන
ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේදී ජීවන වියදමට ඇතිවන බලපෑම මෙන්ම නිෂ්පාදනයට නැතහොත් ගොවි ජනතාවට සිදුවන බලපෑම ගැන ද වත්මන් රජය සුවිශේෂි අවධානයක් යොමු කරමින් ඉහත භාණ්ඩ වලට බදු අඩුකොට අඩු මිලට බඩු දිය හැකිව තිබියදී බදු ගසා මිල පානය කලේ මහින්ද චින්තනය අනුවයි.
නමුත් ඡන්දයක් කිට්ටු වූවිට ආනයනික බදු අඩු කිරීම ගොවීන්ට මහත් ගැටළුවක් බවට පත් වී ඇත. මෙවර ඡන්දය අර්තාපල් වගා‍වේ නියුතු ඌව මධ්‍යම පළාත්වල නොමැති නිසා ආණ්ඩුව බය නැතිව අර්තාපල් සදහා බද්ද අඩු කරන අතර ඌව මධ්‍යම පළාත් චන්දයෙදී අල ගොවි ප්‍රශ්ණය තදින් ක්‍රියාත්මක වන නිසා අනිවාර්යයෙන්ම මේවායේ මිල වැඩිවන බව ජනතාව දන්‍නේය. මේනිසා මහින්ද චින්තන ප්‍රතිපත්තිය ඡන්දකාල වලදී වෙනස් වන අයුරුද ජනතාවට සූත්‍ර ගතකල හැකිය.     

No comments:

Post a Comment