Friday, July 20, 2012

දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ

සුවහසක් රසික ජනතාවගේ හදවත් සනසාලූ වික්ටර් රත්නායකගේ ප්‍රසංගයේ සමාප්තිය ප්‍රසංගය ඇරැඹි හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රඟහලේ දී මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ප්‍රධානත්වයෙන් අද ලුම්බිණි රඟහලේදී පැවැත්වේ.
වික්ටර් රත්නායකගේ ප්‍රසංගය මෙරට ඒක පුද්ගල ගී ප්‍රසංගවල ආරම්භයයි. ඉතා සාර්ථක ලෙස පුරා වසර තිස් නවයක් තිස්සේ දෙස් - විදෙස් හී ඉදිරිපත් කළ ප්‍රසංගය තරම් අන්

ප්‍රසංග සාර්ථක නෙවුණු බව කාටත් රහසක් නොවේ. මේ සොඳුරු කෝකිලයාගේ සංගීත දිවියට අඩ සියවසක් සපිරෙන මොහොතේ මෙසේ නිමාව දකින ප්‍රසංගය 18, 19, 20 යන තෙදිනයන්හිම පැවැත්විය.
18 වැනිදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ප්‍රසංගයට සහභාගී විය.

වික්ටර් රත්නායක මහතා සහ පවුලේ සාමාජිකයින් ජනාධිපතිතුමාව උණුසුම් ව පිළිගත් අතර ජනාධිපතිතුමා එම ප්‍රසංගයේ දී වික්ටර් රත්නායක සූරීන්ට සුබපැතුම් පිරිනැමුවේය.


ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද රත්නායක සූරීන්ට සිය සුබපැතුම් එක් කළ අතර ජනාධිපතිතුමා එහි දී හමු වූ අර්ජුන රණතුංග මහතා සමඟ ද සුහද කතාබහක නිරත වූ අතර එය කාගේත් අවදානයට ලක්විය.

No comments:

Post a Comment