Friday, July 20, 2012

එස්.බී. මෝඩකම ප්‍රදර්ශණය කිරීම හා උගත් කම සගවා ගැනීම

රටක දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කළ යුතු බවට යුනෙස්කෝව කර ඇති නිර්දේශය තමන් පිළිගන්නා නමුදු එම 6%ට ආණ්ඩුව අධ්‍යාපනයට වියදම් කරන මුදල පමණක් නොව දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමව්පියන් වෙන්කරන මුදලද ඇතුලත් විය යුතු යැයි උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
ආණ්ඩුව අධ්‍යාපනය සඳහා වෙන්කරන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 2.2ක් පමණක් බව කී ඔහු දෙමව්පියන් හා වෙනත්
පාර්ශවයන් කරන වියදම් ද එකතු කළ විට එය දළ ජාතික නිෂ්පාදිතයෙන් 5%ක් පමණ වන බවත් එය ප්‍රසස්ථ මට්ටමක් බවත් පැවසීය.
ඔහු මෙසේ අදහස් පළකළේ 18දින පාර්ලිමේන්තුවේදී ජවිපෙ මන්ත්‍රී අනුර දිසානායක මහතා ස්ථාවර නියෝග යටතේ විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ ද.ජා.නි. 6%ක් අධ්‍යාපනයට වෙන්කරන ලෙද කර ඇති ඉල්ලීම පිළිබඳව කරන ලද විමසීමකදීය.
මෙහිදී එස්.බී. දිසානායක මහතාගේ අදහස වාචාල මෝඩයෙකුගේ ලෙස පෙනුනද ඔහු ආවඩන පංතිමය අදහස නම් රජය සම්පූර්ණයෙන්ම අධ්‍යාපන වියදම් වලින් ඉවත් වී දෙමාපියන්ට ඒ බර පැටවීමයි. එනම් රජය වියදම් කරන 2.2%ත් දෙමාපියන් මතම පටවා වගකීමෙන් මිදීමයි. මේ නූතන පසුගාමී රාජ්‍ය පාලකයින්ගේ ප්‍රසස්ථතම අරමුණයි. ඔහු සිතන්නේ ගැටළුව විසදුවා කියායි. රජය අහෝසිකලා කියායි. නමුත් ඒ තුල ඇතිවන පරාධීනත්වය දැකීමට මනසක් නැති එස්.බී මහතා මෝඩයෙක් බවත් අධිරාජ්‍යවාදයට ගැතිකමේ උගතෙක් යනුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ප්‍රකාශකයේ අප හා සදහන් කළේය.

2 comments:

  1. එස්.බී. ඔහොම වුනාට හිත හොදයි

    ReplyDelete
  2. උගේ හිත හොදකම රටට කෙලවෙනවනම්

    ReplyDelete