Friday, July 20, 2012

කියුබානු තානාපතිකම තමරා කුගනායගම් මත පැටවූවක්


ශ‍්‍රී ලංකා රජය ඇමරිකානු ගැති ප‍්‍රතිපත්තියක කටයුතු කරන බව ප්‍රකාශකල තමරා කුගනායගම් ජනපති කියුබා සංචාරයේදී අත්තනෝමතික ලෙස කියුබාවේ තානාපතිනිය ලෙස නම් කොට ඇත. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කල තමරා කුගනායගම් මහත්මිය වෙනිසියුලාවේ කැරකස්හි අලුතින් ආරම්භ කෙරෙන නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති ධූරය ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඇගේ එම ඉල්ලීම බලධාරීන් විසින්
ප්‍රතික්ෂේප කර තිබීම ප්‍රශ්ණ මතු කරන්නකි.
ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සෘජු ඇමෙරිකන් ගැති ප්‍රතිපත්තියක් බවත් ඉන්දියාව මිතුරකුසේ සලකා කටයුතු කලද ඇමෙරිකා මිත්‍ර කම් ඉදිරියේ ඉන්දියාව වුවද පාවා දීමේ දැඩි ඇමෙරිකන් ගැති විදෙස් ප්‍රතිපත්තියක ලංකාව සිටින බව තමරා කුගනායගම් පෙන්වා දුන්නාය. ජිනීවා යෝජනා වලදී ඉන්දියාවේ සහාය ලබාගැනීමට නොහැකි වූයේ ලංකා රජයේ ඇමෙරිකන් ගැති ප්‍රතිපත්තිය නිසා බවත් ඇය පෙන්වා දුන්නාය.
කෙසේ ශ්‍රි ලංකාවේ ඇමෙරිකන් ගැති විදෙස් ප්‍රතිපත්තිය වෙනස් කිරීමේලා කටයුතු කරන නිලධාරීන් නිහඩ කොට තම සුපුරුදු ඇමෙරිකන් ගැති විදෙස් ප්‍රතිපත්තිය පවත්වා ගැනීමට තමරා කුගනායගම්ලා බිලි වූ බවයි පොදු ජනතා මතය වන්නේ.

No comments:

Post a Comment