Friday, July 20, 2012

අධිරාජ්‍යවාදී නිෂ්පාදන සබදතා බිදවැටීම ලංකාවට විප්ලවයක්


දැනට ලංකාවේ පවතින ATM යන්ත්‍ර ලංකාව තුළ එකම පද්ධතියකට සම්බන්ධ වී නැත. ඒනිසා එම ගණු දෙනු නිශ්කාශන කටයුතු සිදුවන්නේ ඇමරිකාව වැනි රටවල නිසා විශාල  පිරිවැයක් යන නිසා විවිධ බැංකුවල ATM යන්ත්‍ර වලින් ගනුදෙනු කරුවන් මුදල් ගැනීමේදී ගනුදෙනුවකට රුපියල් 30-60 අතර අමතර
ගාස්තුවක් දැරීමට සිදු වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව හා බලයලත් වාණිජ බැංකු වලට අයත් ලංකා ක්ලියර් සමාගම  ගොඩනැගීමට යන යටිතල පහසුකම් පද්ධතිය යටතේ මෙම යන්ත්‍ර එක පද්ධතියකට ගෙන ඒමට සමත් වන අතර  එවිට අදාළ ගනුදෙනු නිශ්කාශනය වෙන්නෙ ලංකාවේ නිසා  නිශ්කාශන ගාස්තු අඩුකිරීමට බැංකු වලට අවස්ථාව සැලසේ.
සියළුම විද්යුත් ගණු දෙණු මෙම පද්ධතියට ගන්නා නිසා මෙම අවශ්‍යතාවය නොමැති අවකාශයේ දී අධික ලාභ ලබන ආයතන පාලනයක්ද සිදු වනු ඇත.
එවිට ඇමෙරිකාවට ඇදී යන මුදල් ඉතිරිවන අතර ලංකාවේ ඕනෑම ATM යන්ත්‍රයකින් ලංකාවේ ඕනෑම ATM පතකින් මුදල් ලබාගත හැකි වේ යැයි ලංකා ක්ලියර් සමාගම  පවසයි. නමුත් ගැටළුව වන්නේ නූතන මූල්‍ය හා බැංකු කටයුතු වත්මන් අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයට බාධා කරන නිසා  මෙහි නොගැලපීමක්, පුපුරායෑමක්  පැන නැග තිබීමයි. ලාංකීය ධනවාදයේ දුබලකම නිසා මෙවැනි මූල්‍ය සබදතාවල දුර්වල කමට එරෙහිව සටන් කරන ධනපති පංතියක් හෝ ජනතාවක් දැකිය නොහැකිය. අධිරාජ්‍යවාදය රජයන ශ්‍රී ලංකාව වැනි රටකකට මෙම නව ආර්ථික සබදතා මහා සමාජ විප්ලවන් ලෙස දකිනු ඇත.

No comments:

Post a Comment