Tuesday, July 24, 2012

IMF ණය වැඩසටහනක් ශ්‍රී ලංකාවේදී සාර්ථකව අවසන් කල එකම නායකයා මහින්ද රාජපක්ෂයි


ගෙවුම් ශේෂ අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවති ගිවිසුම යම් යම් ගැටලු හමුවේ වුවද පසුගිය සිකුරාදා නිම විය. අර්බුධ හමුවේ වුවද IMF සමග ලංකාව ණය වැඩසටහනක් සාර්ථක අවසන් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ රාජ්‍ය පාලන යුගයේදීය. මහින්ද රාජපක්ෂ මහතා මෙම මෙම ණය වැඩ සටහන සාර්ථක කිරීමට ගත් අවංක අව්‍යජ
උත්සාහය නිසාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකාව ඇතිකර ගැනීමට යන වසර දෙකේ නව වැඩසටහන මගින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම, අයවැය හිඟය හා උද්ධමනය පහළ තබා ගැනීම වැනි දිගුකාලීන අරමුණු වලට පැමිණීමට සැලසුම් කර තිබෙන බව අනාවරණය වේ.
මේ අනුව, ලංකාව මූල්‍ය අරමුදල සමග තවත් වැඩසටහනක් ඇතිකර ගැනීමට හෝ අරමුදල් ලබාගැනීමේ පහසුකම දීර්ඝ කර ගැනීමට කැමැත්තෙන් සිටින නිසා IMF නියෝජිතයන් සමග ඉටු නොවුන කොන්දේසි හා අලුතින් පනවන කොන්දේසි ආදිය පිළිබද සාකච්ඡා නුදුරේදීම පවත්වන බව ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment