Tuesday, July 24, 2012

පාසලේදී ඉංග්‍රීසි කථා කරන්න, කියවන්න උගැන්වීම කරන ගමන් ශබ්ධකෝෂකුත් දුන්නනම් අධ්‍යාපනය ඉදිරියට ගත හැකියි

අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසලක් දියුණුව ලබන්නේ විදුහල්පති මතයි. හොඳ කළමනාකාරීත්වයෙන් යුක්ත දක්ෂ විදුහල්පතිවරු ඉන්නවා නම් ඒ පාසල දියුණු වීම නැවැත්විය නොහැකි බව දොඩම්පොත්ත කණිෂ්ඨ විද්‍යාලයේ නව විද්‍යාගාර ගොඩනැගිල්ලට  මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඒත් අපිට තියෙන ප්‍රශ්නය තමයි කළමනකාරීත්වයෙන් දක්ෂ උදවිය කොහෙන්ද හදාගන්නේ කියලා. මගේ අදහස පාසල් සඳහා පත් කළ යුත්තේ දක්ෂතාවලින් හෙබි අයයි. එවිට ගැටලු අවසන් වෙනවා. දැන් විවිධාකාර අධ්‍යාපන වෘත්තීය සමිති තියෙනවා. එතකොට අපි කවුරු පත් කළත් එය දේශපාලන පත්වීමක් නැත්නම් වෙන කතාන්දරයක් කියනවා.
ලොකු ම ප්‍රශ්නය අපේ දරුවන්ට ඉංග්‍රීසි කතා කරන්න බෑ. පාසල් ඇතුළේ ඉංග්‍රීසි කතා කරන්න හුරු වුණේ නැත්නම් ව්‍යාකරණ විතරක් ඉගෙන ගෙන වැඩක් නෑ. එහෙම ඉංග්‍රීසි කතා කරන්නත් බෑ. මේක තමයි අද අධ්‍යාපනයේ තිබෙන දුර්වලකම. අච්චු පොත උගන්වන ගමන් යම් කාලයක් වෙන් කරලා කතා කරන්න, කියවන්න උගන්වන්න ඕන. ඒ අය එවිට ඉබේ ම ව්‍යාකරණ ඉගෙනගන්නවා. අලුත් වචන හමු වූ විට ශබ්දකෝෂයක් ළඟට දුන්නා ම ඉතා ම හොඳින් ඒ වචනවලින් වාක්‍ය තනන්නට හුරු වෙනවා.
අපේ අධ්‍යාපන ක්‍රමය එතැනට යොමුවිය යුතුයි. අපේ දරුවන්ට ඉගෙන ගන්න ඉඩකඩ වෙන් කරලා දීමේ දී භාෂා දැනුම හරිම වැදගත්. සිංහල භාෂාව වගේ ම ඉංග්‍රීසි භාෂාව ද වැදගත් බව අමාත්‍යවරයා පැවසී ය.

මේ අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන් වන චන්දන ප්‍රසාද් යාපා, කමල සිරි හේරත් යන මහත්වරු ද පන්නල ප්‍රාදේශීය සභා සභාපති රංජිත් ලංසකාර මහතා ඇතුළු ආචාර්යවරු, සිසුහු රැසක් සහභාගි වූහ. මේ අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන් වන චන්දන ප්‍රසාද් යාපා, කමල සිරි හේරත් යන මහත්වරු ද පන්නල ප්‍රාදේශීය සභා සභාපති රංජිත් ලංසකාර මහතා ඇතුළු ආචාර්යවරුන් හා සිසුන් රැසක් සහභාගි වූහ.

No comments:

Post a Comment