Wednesday, July 18, 2012

සරණාගතයින් ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවේ නම්, පිටුවහල් කල නොහැකියි


ඕස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින් ලෙස පැමිණි එරට පුරවැසිභාවය ඉල්ලන්නන් ආපසු දිවයිනට පිටුවහල් කරන්නයි ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටිය නමුත්  ශ්‍රී ලංකා මුහුදු කලාපය තුල ශ්‍රී ලංකා සරණාගතයින් එරට නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම හෝ ආපසු හරවා යැවීමේදී කිසිම ගැටළුවක් නොමැති මුත් ජාත්‍යන්තර මුහුදු කලාපයෙහි හෝ ඔස්ට්‍රේලියානු මුහුදු කලාපයතුල පුරවැසි ඉල්ලුම්කරුවන්ව ආපසු හරවා යැවීමේදී ජාත්‍යයන්තර නීතිරීති පිළිපැදිය යුතුයැයි ඕස්ට්‍රෙලියානු ආගමන අමාත්‍ය ක්‍රිස් බෝවන් මහතා පවසා තිබේ.
ඕස්ට්‍රේලියාවේ නව සංක්‍රමණික නීති පිළිබද අදහස් දැක්වූ බෝවන් මහතා ලංකාවට පැමිණි මොහොතේ නීතී විරෝධී සංක්‍රණිකයින් පිළිබඳවත් මිනිස් ජාවාරම් පිළිබඳවත් ගුවන් හා මුහුදු මාර්ගයෙන් සිදුවන නීතී විරෝධී සංක්‍රමණ අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කොට ඇති බවද සදහන් කළේය.

No comments:

Post a Comment