Tuesday, July 31, 2012

අධ්‍යපන ක්ෂේත්‍රයේ පැනනැගි අර්බුද විසදන්න මොරටුව විශ්වවිද්‍යාලය සටන් බිමට


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්‍‍ගේ ගැටළුවලට වහා විසඳුම් ලබාදී සරසවි වහා විවෘත කරන ‍ලෙසත්, උසස්‍‍පෙළ Z Score ගැටළු‍වෙන් අසාධාරණයට පත් සිසුන්ට වහා සාධාරණය ඉටු කරන ‍ලෙසත්
ආණ්ඩුවට බල ‍කරමින් ‍මොරටුව විශ්වවිද්‍යාල‍යේ සිසුන් අද දින උද්‍‍ඝෝෂණ පාගමනක් පවත්වන ලදී.

‍මොරටුව විශ්වවිද්‍යාලයීය සිසු සංගම් එකමුතුව විසින් පැවැත්වූ ‍මෙම උද්‍‍‍ඝෝෂණය විශ්වවිද්‍යාලය අසලින් ‍උදෑසන 10.00ට ගමන්
අරඹා ගාළුපාර දක්වා ගමන් කර නැවතත් විශ්වවිද්‍යාලය ‍වෙත
 පැමිණුනි. ‍පොලීසිය වාරණ නි‍යෝගයක් ලබාගෙන ‍උද්ඝෝෂණය නතර කිරීමට  උත්සාහ කළද එය අසාර්ථක විය. නිදහස් අධ්‍යාපන‍යේ මළගම ‍ලෙස නම් කල මිනී ‍පෙට්ටියක් ඔසවා ගත් සිසුහු
සටන්පාඨ කියමින් පැය තුනක් පමණ උද්ඝෝෂණයේ
නිරතවූහ. සිසුන් දහසක් පමණ සහභාගී වූ ‍පාගමන අවසාන‍යේදී එස්.බී. දිසානායක‍ අමාත්‍යවරයාගේ හා  බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා‍ගේ අනුරූ ‍දෙකක් ශිෂ්‍යයින් විසින් ගිනි තබා විනාශ
 කරන ලදී.
මොරටුව විශ්වවිද්‍යාලය සටන් බිමට පිවිසීම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ සාධනීය ලක්ෂණයක් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ප්‍රකාශකයෙක් අප හා පැවසීය.



  

No comments:

Post a Comment