Tuesday, July 31, 2012

හම්බන්තොට ජනතාවගේ දැඩි ඉල්ලීමක් වූ සෆාරි උද්‍යනය ලබාදීමට ජනපති අනුමැතිය


ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කරන ලද යෝජනාවක් අනුව දෙස් විදෙස් සංචාරකයින්ට නවමු අත්දැකීම් ලබා දෙන හම්බන්තොට සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු 2014 වන විට අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.
 
·        මෙම උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වාර්ෂික ඇස්තමේන්තුගත    ප්‍රතිපාදනවලට අමතර ව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ
සංවර්ධන අරමුදලින් ලබාගැනීමට තීරණය විය.
 

·        අකකර 500 ක භූමි භාගයක පිහිටුවන මෙය පිහිටා ඇත්තේ රිදීගම ප්‍රදේශයේය. මේ සඳහා රුපියල් මිලියන 1600 ක් වැය කෙරෙන අතර එම උද්‍යානය සත්ව කලාප 06කට ඛෙදා වන්කොට ඇත. එහි මාංශභක්ෂක කලාප 04ක් සහ ශාකභක්ෂක කලාප දෙකක් පිහිටුවා ඇත. සිංහ දිවි ව්‍යාග්‍ර බළල් වැනි ආසියානු සහ අප්‍රිකානු සත්ව විශේෂ මෙහිදී දැකගැනීමට සැලැස්වීමට නියමිතය. මෙහි සත්ව රෝහලක් සහ නිල නිවාස දෙකක්ද ඉදිකෙරෙමින් පවතී. 

No comments:

Post a Comment