Friday, June 8, 2012

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කළු හා චන්දන පක්ෂය හැර යයි

lankahotnews.org
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බල කණු සෙලවෙද්දී එහි තවත් ප්‍රභල අභ්‍යන්තර නායකයින් දෙදෙනෙක් පක්ෂය හැරගොස් ඇත. සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් මූලික දේශපාලන කටයුතු ඇරඹි අසංක මහතා (කළු අයියා) හා චන්දන මහතා මෙසේ පක්ෂය හැර ගිය නවතම සාමාජිකයන්ය. ප්‍රේම කුමාර ගුණරත්නම්ගේ පළමු අත්හදා බැලීම වූ අසංක මහතා කැළණිය විශ්වවිද්‍යාලයට පැමිණ පළමු මොහොතේම
  සමාජවාදී ශිෂ්‍ය සංගමය හරහා නිර්ධන පංති පූර්ණ කාලීන දේශපාලනයට පිවිසි ශක්තිමත් සාමාජිකයෙක් විය. සිය කැපවීම නිසාත් දැඩි න්‍යයික දේශපාලන ස්ථාවරය නිසාත් ශක්තිමත් දේහය නිසාත් සරසවි සිසුන් අතර වඩා ජනප්‍රියව සිටි මොහු ප්‍රසිද්ධියට පත්ව සිටියේ කළු අයියා ලෙසයි. ජවිපෙ ත්‍රිකුණාමල සංවිධායකයා ලෙස කටයුතු කල අසංක මහතා ජවිපෙ කටිටිවාදය ආරම්භයේදී සංවිධානාත්මක විශාල වැඩ කොටසක් කිරීමට සමත් වූ අතර මාතලේ දිස්ත්‍රික්කය තුලද තම දේශපාලන කටයුතු ස්වේච්ජාවෙන් කිරීමටත් කැළණිය විශ්වවිද්‍යාලයේ පැරණි සමාජවාදී ශිෂ්‍ය සංගමය සමග කටයුතු කල සාමාජිකයන් දැනුවත් කිරීමත් ඒ හරහා ජන අරගල ව්‍යාපාරය ආරම්භයේදී විශාල පිරිසක් සම්බන්ද කිරීමටත් සමත්ව ඇත.

නමුත් ජන අරගල ව්‍යාපාරය පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩ නැගීම දක්වා ගමනේදී  සිට සිය දේශපාලන උනන්දුව හීන වී ගොස් ඇති අතර න්‍යායික ප්‍රශ්ණ බොහොමයක් පැණ නැගී ඇති අතර ඔහු අසරණ වන ආකාරයේ පිළිතුරු ලැබී ඇති බව තහවුරු වන්නේ ඔහුගේ දේශපාලන වැහැරීම සමග එහි ප්‍රකාශකයින් ලබා දුන් පිළිතුරු සමගයි. මෙම නික්ම යෑම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජන අරගල ව්‍යපාරයේ ප්‍රකාශකයෙක් පැවසූවේ සේනාරත්න සහෝදරයා දේශපාලන ක්‍රියා කාරීත්වයේදී ඉතා කඩිසර ශක්තිමත් සමාජිකයෙක් වූවාට කල බල, දඩි බිඩි ස්වභාවයත් පත පොත නොකියවීමත් ඔහුට මෙම තත්වය උදාකල බවයි.
තවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැර ගිය සාමාජිකයෙක් ප්‍රකාශ කලේ කළු අයියාගේ පුද්ගලික අඩු පාඩුවක් භාවිතා කරමින්  ඕපාත මහත්තයා ජවිපෙ කැඩීම සදහා කළු අයියාව භාවිත කල බවයි. 


කෙසේ නුමුදු අසංක මහතා ප්‍රකාශ කරන්නේ පංති සටන පෙරට ගෙන ඒමට ජවිපෙ තුල කල මතවාදී අරගලය තියුණු වූවත්, ජවිපෙ නිවැරදි කිරීමේ සටනේ දී සහෝදරත්වය බිදුනු විකෘතිභාවයක් දුටු බවයි.

චන්දන මහතාද පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩනැගීමේ කීර්තිමත් ක්‍රියාධරයෙක් වන අතර මාතර දිස්ත්‍රික්කයේ ජවිපෙ සතු සියළු භෞතික සම්පත් කට්ටිවාදීන්ට දිනකින් එක් කිරීමට සමත් වූ අතර ජවිපෙ කට්ටිවාදය අරම්භයේදී කාගේත් අවධානයට යොමු වූ ජවිපෙ ආර්ථික මධ්‍යස්ථාන අතපත් කරදීමටත් ජවිපෙ සියළු මූල්‍ය ක්‍රියාවන් දුර්වල කරමින් ජවිපෙට විශාල හානියක් කිරීමටත් මහත් දායකත්වයක් දක්වන ලදි. චන්දන මහතාගේ උද්යෝගීමත් හැසිරීම ජවිපෙ හැරගිය පිරිසට මහත් ආශ්වාදයක් එක් කරමින් රට පුරා ජවිපෙ සම්පත් මංකොල්ල කෑමට මෙය ආදර්ශයක් විය. මොරටුව විශ්වවිද්‍යාලයෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමය හරහා ජවිපෙ දේශපාලනයට පිවිසි චන්දන මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ ජාතික තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ (NDT) මහා ශිෂ්‍ය සංගම් ලේකම් ලෙස කටයුතු කොට ඇත.
රටට නිර්ධන පංතියේ පක්ෂ 2ක් අනවශ්‍ය බවත් තමන් උත්සාහ කලේ ජවිපෙ නිවැරදි කිරීමේ ගමනක් විනා පංතිය කුඩා කණ්ඩායම් වලට බෙදීමේ දිශාවට ගෙනයන මතයකට නොවන බවයි චන්දන මහතා පවසන්නේ.
චන්දන මහතා සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රකාශකයෙක් සදහන් කළේ චන්දන සහෝදරයාට තවත් දේශපාලන ගමනක් ඇති බවත් චන්දන අයියා පක්ෂතුලදී ‍ව්‍යෛපාරික කටයුතු වල නිරත වීම නිසාත් සංවිධාන දුර්වල කමක සිටි නිසාත් දේශපාලන කටයුතු වලින් දුරස්ව ඇති බවයි.
මෙසේ රට පුරා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමාජිකයින් පක්ෂය හැර යෑම සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශක පුබුදු ජාගොඩ පවසා සිටියේ තම පක්ෂය මතවාදී අරගල සදහා තෝතැන්නක් බවත් ජවිපෙ තුල නොලැබුන මෙම ප්‍රජාතන්ත්‍රවාදය සදහා පක්ෂයේ අවස්ථාවන් ඉදිරියේදී තවත් පුළුල් කරන බවයි.

10 comments:

  1. යකෝ මේ චාමර අයියා නේද?

    ReplyDelete
  2. මේ මොන නායකයොද

    ReplyDelete
  3. mun mankolla karayoda

    ReplyDelete
  4. නිර්ධනපංති ව්‍යාපාරයත් මරු එකක්, ඒත් මොන මෝඩයොද පොත් බලලා දේශපාලනය කරන්නේ. අනේ මෝඩ ජේවීපී පොත් නොබැලීම දේශපාලනයට නුසුදුසු කමක්ද? ඔය මහින්ද මහත්තය රට ලස්සනට ගෙනියන්නේ කිසිම පොතක් බලන්නේ නැතුව. විමල්ව ජවිපෙන් එලෙව්වෙ මහල්ලා සහ මුහුදෙ කතුවරයා වරද්දපු නිසාද? හහි හික් හක් හක්කක්කා.......................

    ReplyDelete
    Replies
    1. පොත්වල තියෙන විදිහට දේශපාලනය කලා නම් පොත් කතුවරු එපැයි දේශපාලනයට වැඩිපුරම එන්න ඕනෑ. පොත් කියවීම හොදයි ඒත් ඒක නිර්ණායකයක් නම් නොවේ.

      Delete
  5. කමෝන් පුබුදු අනිවා ඔයා දෙන්න ප්‍රජාතන්ත්‍රවාදය............

    ReplyDelete
  6. නිර්ධන පංතියේ පක්ෂයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්

    ReplyDelete
    Replies
    1. wdagath thanaka modakatha kiyanna epa

      Delete
  7. ෙප්රා සුමල් කුරුණෑගල උපාලි ත්‍රි'මෙල් විමල් (නුවර හිටිය) දුර්වලවුනු තව අය අැත

    ReplyDelete
  8. පැනගිය අය ෙබාෙහා්ය පැන යෑමට බලාසිටින අය තවත්ෙබාෙහා්ය

    ReplyDelete