Friday, June 8, 2012

කොම්පැනිවලට රජය උදව් කිරීමේ ප්‍රශ්නය මොකක්ද? මහින්ද චින්තනය මෙය නොවේද?

lankahotnews.org
අපි දැන් රටේ ආර්ථික වර්ධනයේ තත්ත්වය ස්ථාවර කරමින් උතුරු නැඟෙනහිර ආර්ථිකය දියුණුකරමින් ආර්ථික වශයෙන් ඒකාබද්ධතාවක් ඇතිකර තිබෙන බව ද රජයක් ලෙස කිසි ම විදියකින් දූෂණයට ඉඩ තබන්නේ නැතැයි ද ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමීක්ෂණවලින් ශ්‍රී ලංකාව සියයට 7% - 8%ක ආර්ථික දියුණුවක් ඇති
රටක් ලෙස පිළිගෙන තිබෙන බව අමාත්‍ය අමුණුගම මහතා අවධාරණය කළේය.
ඕනෑ ම රටක ආර්ථිකය ගැන විවිධ ප්‍රශ්න ඇතිවෙනවා. එසේ වුවද අපේ රටේ සියයට 8%ක අවම ආර්ථික වර්ධනයක් ලබා තිබෙනවා. උතුරේ නිෂ්පාදන කොළඹට එනවා. ග්‍රාමීය අංශය දියුණු වෙලා. විදේශ රටවල රැකියා කරන අය නිසා බිලියන 5.5ක් ගමට යනවා.
අද අපේ රට හොඳ ආර්ථික ගමනක් යනවා. දේශීය ආයෝජනයේ දී ගම්බද අය ආයෝජනය කරලා, ඒ අයගේ කොම්පැනිවලට රජය උදව් කිරීමේ ප්‍රශ්නය මොකක්ද?
කිඹුල් කඳුළු හළලා මේ ප්‍රශ්නය බලන්න බෑ. සමස්ත ආර්ථිකය දෙස බලන්න. සංචාරක කර්මාන්තය දියුණු කරමින් අංශ හය හතක් තිබෙනවා තව දියුණු කිරීමට. අයි.ටී.අංශය දියුණු කරන්නට අවශ්‍යයයි.

කොටස් වෙළඳපොළ එදා වේල ටුවර්ස්  කරන්න බෑ. අද ආර්ථිකය හොඳ ගමනක් යනවා. අපි රජයක් ලෙස කිසිම විදියකින් දූෂණයට ඉඩ තියන්නේ නෑ. එන්.එස්.බී. කොටස් ගනුදෙනුව පිළිබඳ ව රජය දැඩි ලෙස කටයුතු කළා. රජය ගත හැකි උපරිමයෙන් කටයුතු කළා. වරදට අවංක පිළිතුරක් රජය ලබාදුන්නා. රජය ඉතා නිවැරදි ලෙස කටයුතු කර තිබෙනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.

1 comment:

  1. ගමේ මිනිස්සුන්ට කොහෙද ආයෝජනය කරන්න සල්ලි. බොරු එපා අමුණුගම අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයටයි තොපි ගමේ ඉඩ හදන්නේ

    ReplyDelete