Friday, June 8, 2012

ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන්න 2012 දකුණු ආසියා ජංගම දුරකථන සමුළුව සවියක්

lankahotnews.org
දකුණු ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට  2012 දකුණු ආසියා ජංගම දුරකථන සමුළුව ඉතා වැදගත් බවත් ඊට ශක්තියක් සැපයූ බවත්ඉ2012 දකුණු ආසියා ජංගම දුරකථන සමුළුව අමතමින්  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි.
ජංගම දුරකථන ක්ෂේත්‍රයේ විශේඥයින් විද්වතුන් නිෂ්පාදකයින් ඇතුළු විශාල පිරිසකගේ
සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මෙම සමුළුව පැවැත්විණි.
ජංගම දුරකථනය වත්මනෙහි දෙදෙනෙක් අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ කටයුත්තෙන් ඔබ්බට ගොස් තිබේ. අද වන විට ජංගම දුරකථනය ඔස්සේ ජනතාවට ඇවැසි සේවා ලබා දීමටත් හැකිවී ඇත. එසේම එය තව දුරටත් පුළුල් වෙමින් පවතින බවත් එය සතුටට කරුණක් බවත් දේවපුර මහතා සඳහන් කළේය.
එ‍සේම මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බවත් දකුණු ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට මෙවැනි කටයුතු සවියක් වනු ඇතැයි ද රෙෂාන් දේවපුර මහතා වැඩිදුරටත් එහිදී පැවසීය.
ලොව ප්‍රකට ජංගම දුරකථන සන්නිවේදන විශේෂඥයකු වන රැල්ෆ් සයිමන්, ජංගම දුරකථන ක්ෂේත්‍රයේ  ප්‍රධාන පෙළේ දේශකයෙකුවන ටොමී අහුනෙන්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ යන මහත්වරුද මෙම සමුළුව ඇමතුහ.

No comments:

Post a Comment