Wednesday, May 29, 2013

ධර්මාශෝක පිඹුරෙක්වී ඉපදුනා මම පිරිත් අහනවා-මර්වින්, රටේ ප්‍රශ්ණ වලට හේතුව පනසල් නොමැතිකම-ගොඨාභය


ඊළඟ ආත්මය තීරණය වන්නේ ජීවිතයේ අවසන් අවස්‌ථාවේ සිහියට නැගෙන සිතුවිල්ල අනුව බව තමා හොඳින් අවබෝධ කරගෙන සිටින බැවින්, තමා දිනපතා පිරිත් කියන බවත්, පිරිත් අහන බවත් අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.
වෙහෙර විහාර අසූහාර දහසක්‌ කළ බව කියන ධර්මාශෝක අධිරාජයා තම ජීවිතයේ අවසන් අවස්‌ථාවේ පහළ වූ පාපී සිතුවිල්ලක්‌ නිසා මහා පිඹුරෙකුව ඉපදුන බව පැවසු ඇමතිවරයා, එනිසාම හැම විටම දැහැමි සිතුවිලි ඇතිව ජීවත්වීමේ වැදගත්කම පැහැදිලි කළේය.

'' සිල් ගන්නවා. සිල් රකිනවා. ලැබෙන දේ ආගම ධර්මය වෙනුවෙන් වැය කරනවා. බුදුදහමින් තොර  ජීවිතයක්‌ මට නැහැ.'' යයි ද ඇමතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. වේයන්ගොඩ වදුරව ශ්‍රී විසුද්ධාරාම විහාරස්‌ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත සංඝාවාසයට මුල්ගල තැබීමේ උත්සවයට සහභාගි වෙමින් මෙම වටිනා දහම් කරුණු අවබෝධ කරදීමට මරවින් සිල්වා ඇමති වරයා සමත් විය.

අපේ රටේ සමහර ප‍්‍රදේශවල යම් යම් ප‍්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ එක්කො ඒ ගමේ පන්සලක් නොමැතිකම, නැත්නම් පන්සලක් තුබුණත්, ස්වාමීන් වහන්සේලා නොමැතිකම,යුද්ධය අවසන් වුණාට පසු උතුරු නැගෙනහිර පළාතේ යුද හමුදාවත්, සිවිල් ආරක්ෂක බළකායත්, අනෙකුත් හමුදාවත් සම්බන්ධ කරගෙන පැරණි විහාරස්ථාන නැවත් ගොඩනගන්න මට අවස්ථාව ලැබුණා. උතුරු නැගෙනහිර පමණක් නොවෙයි. අනෙකුත් ප‍්‍රදේශවලත් එය සිදුකරමින් පවතිනවායැයි ප‍්‍රකාශ කළේ  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාතර පාලටුව බෞද්ධෝදය විහාරස්ථානයේ අවුකන බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ අනුරුවක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදීය.

No comments:

Post a Comment