Wednesday, May 29, 2013

සාම්පූර් නොරොච්චෝල තෙවන අදියර කොහොම හරි අවසන් කරනවා එතකන් විදුලිය පාඩුපිට


විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යනු ඉතා වගකීමෙන් වැඩරමින් මහින්ද චින්තන ප්‍රතිපත්තිය රටතුල තහවුරු කරන වීර කාන්තාවකි. ඇය බොරු නොකියයි. විදුලි බලයෙන් රට ඒකාලෝක කිරීම හැර ඇයට වෙනත්කිසිම අදහසක් නැත. මහින්ද චින්තන ඉදිරිදැක්මට අනුව ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේදී ශ‍්‍රී ලංකාවේ සියලුම ගම්මාන විදුලියෙන් ඒකාලෝක කිරීමේ වැඩසටහන යටතේ බලංගොඩ මැතිවරණ කොට්ඨාසයේ
තන්ජන්තැන්න 16 පෙදෙස විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට පැවරීම වෙනුවෙන් පැවති උත්සවයකදී ඇමතිතුමිය රටේ අනාගත විදුලි ප්‍රශ්ණය විසදන අයුරු ඉතා පැහැදිලිව ඉදිරිපත් කළාය. ඇය ප්‍රකාශ කළේ මේ වසර අවසන් වීමට කලින් මෙගා වොට් 300ක නොරොච්චෝල දෙවන අදියර අවසන් කරනවා. ලබන අවුරුද්ද මුල තුන්වැනි අදියරත් කොහොම හරි අවසන් කරලා තවත් මෙගා වොට් 300ක් ජාතික පද්ධතියට එකතු කරනවා. ඒ වගේම අපි සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් මේ අවුරුද්දේ කොහොමහරි පටන් ගන්නවා. එතකොට මේ ප්‍රශ්නයට උත්තර තියෙනවා. එතකන් ලංකා විදුලිබල මණ්ඩලයට විශාල පාඩුවක් සිදුවෙනවා. ආණ්ඩුවට රටේ ජනතාව වෙනුවෙන් එය දරන්න වෙනවා. ඇය විදුලි බිලද කොහොමහරි අඩු කල අයෙක් වන අතර කොහොමහරි රටේ දියුණුවද ප්‍රාර්ථනා කරන්නියකි. කොහොමහරි ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය ඇති කරවන්නියකි. ඇය විදුලිය ප්‍රශ්ණය කොහොම හරි විසදනු ඇත. කොහොමහරි ලංවිම ලබන පාඩුව පාරිභෝගික ජනතාව මතින් පියවන්න මම කටයුතු නොකරන බව කියූ ඇමතිවරියකි. ධනවාද ජනතාවට සැමදා කියන්නේ කොහොමහරි හොද ජීවිතයක් දෙනවා මිස, එහි වැඩ පිළිවෙල සහ එය ලබාදෙන ආකාරයේ වගකීම් සහගත බව නොවේ. කොහොමහරි කියන්නේ නොකෙරෙන දෙයක් බව ජනතාව නොදනී. 

No comments:

Post a Comment