Tuesday, May 28, 2013

පැරණි ජාතිවාදී ව්‍යාපාරයේ ගෙරි මස් විරෝධය සමාජගත කිරීමේ අවුල


ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයේ ජාතික ව්‍යාපාරයක් නොතිබුණි ඒ වෙනුවට තිබුණේ ජාතිවාදී ව්‍යාපාරයන්. සිංහල ජාතිවාදී ව්‍යාපාරවල ප්‍රභලම ඉල්ලීම වූයේ බුද්ධාගම ඇදහීමේ නිදහස සදහා අවශ්‍ය පරිසරය අධිරාජ්‍යවාදීන්ගෙන් ලබා ගැනීමටයි. එදා ඔවුන් සිංහලයාට සුද්දෝ ගෙරි මස් කෑමට පුරුදු කොට ඇති බව පවසමින් විරෝධතා දැක්වීය. නමුත් අධීරාජ්‍යගැති පාලනයන් රටේ තහවුරු වූ අතර ඉන් අනතුරුවද ජාතිවාදී ව්‍යාපාර එම අධිරාජ්‍යගැති පාලනයනයේ ආරක්ෂකයන් බවට පත් විය. නමුත් ඔවුන්ගේ ජාතිවාදී අතීත සටන් පාඨ අකුලා ගැනීමේ කැමැත්තක් දිස්නොවුන අතර හදිසියේ මතුවූ හරක්මස් කෑමේ
විරෝධයද එවැන්ක් විය. බල්ලන් මරා හෝ මුදල් සොයන ධනවාදය තුල ගෙරි මස් විරෝධයක් පෑම විහිලුවකි.තමන්ම සහතික නිකුත් කරමින් ගොඩනැගූ ආණ්ඩුවේ අභ්‍යන්තරයේ විසදාගත යුතු ප්‍රශ්ණයක් සමාජයට ගෙන එන්නේ ආණ්ඩුවේ වැරදිවසා ගැනීමටයි. බෞද්ධ ප්‍රතිපත්ති සමාජගත කිරීම වෙනුවෙන් නොවෙහෙසෙන කැපකිරීම් නොකරන ඒ සදහා ආදර්ශයක් නොවන මොවුන් අද දවසේ තමන්ට ඉතා පහසු සටන් වලට එලැබ ඇත. ඉතා කෙටි කලකින් ජනතාව රැවටිය හැකි උපක්‍රම තෝරයි. කෙසේ නමුදු රටේ ජනතාවගේ භෞතික ජීවිතයත් අධ්‍යාත්මික ජීවිතයත් වනසන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙද්දී  නිහඩව සිටින මෙම පිරිස් අද දවසේ තමන්ට ප්‍රතිපත්තියක් නොමැති බව රටට හෙලි කරමින් සිටී.
ජාතික හෙළ උරුමය පක්ෂයේ මන්ත්‍රී හිමිනමක්ව සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් පසුගිය 24වනදා සිරුර‍ට ගිනිතබාගෙන අපවත්වීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය පක්ෂය මත දෙකක් ප්‍රකාශ කරමින් එකම පක්ෂය මතවාදී අවුලක පැටලෙන්නේ තමන්ගේ ප්‍රතිපත්ති මොනවාදැයි තමන්ම නොදන්නා නිසාවෙනි.
උන්වහන්සේ අපවත්වීම උතුම් අරමුණක් වෙනුවෙන් කළ ජීවිත පරිත්‍යාගයක් බවත් මීට පෙරද ආවේගශීලී අවස්ථා කිහිපයකදීම ඉන්ද්‍රරතන හිමියන් ජීවිතය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ බවත් ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
"උන්වහන්සේ දළදා මාළිගය අභියස තම සිරුරට ගිනි තබා ගෙන තම ජිවිතය උතුම් අරමුණක් සඳහා පුජා කර ඇත. එයට වැරදි අර්ථකථන දෙමින් එය නොගැළපෙන ක‍්‍රියාවක් ලෙස අර්ථ දක්වන ඇතමුන්ට උදාර අරමුණු පෙරදැරී කරගෙන ජිවිත පරිත්‍යාගයෙන් ක‍්‍රියා කරන අවස්ථා පිළිබඳ බෝධි සත්ව චරිතය නැවත කියවන ලෙසද උත්තම ජිවිත පුජාවක යෙදුණු පුජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට නිවන් සුව ලැබේවායි ප‍්‍රාර්ථනා කරමු." යනුවෙන් එම නිවේදනයේ සඳහන්ව ඇත.
කෙසේ නමුත් මෙම අපවත්වීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය වෙනුවෙන් පළමු නිවේදනය සිදුකළ එම පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් පැවසූවේ වෙසක් පුන් පොහෝ දින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගැනීම ශ්‍රී ලංකාවාසීන්ට කිසිසේත්ම යහපත් ආදර්ශයක් නොවන බවයි.
ඕමල්පේ සෝභිත හිමියෝ සිංගප්පූරුවේ සිට 'බීබීසී සංදේශය' සමඟ සාකච්ඡාවකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කළේය.
"කොයිම ආකාරයකින්වත් සිය දිවි හානි කර ගැනීම අනුමත කරන්නේ නැහැ. නමුත් යම් උදාර අරමුණු පෙරදැරි කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන අවස්ථා තියෙනවා," යැයි සෝභිත හිමියෝ පැවසූහ.
ජීවිත හානිය පාප ක්‍රියාවක් බවත් සෝභිත හිමියන් එහිදී අවධාරණය කර ඇත.
එම අපවත්වීම සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමියන් විමිසින්ම පසුගියදා රූපවාහිනී ආයතනයකට පවසන්නේද මෙවැනි ප්‍රකාශකි "උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය පහුගිය අවුරුදු තුන හතරේම අපි දැනගෙන හිටියා. හැමදාම උන්වහන්සේ විශේෂයෙන් පහුගිය අවුරුද්දේ හොර හරක් ලොරි ඇල්ලුවයි කියලා අපිට කරදර කරනවා.DIGට කතාකරන්න, පොලීසියට කතාකරන්න කියලා. විශාල ගැටුමක් උන්වහන්සේ හදාගෙන හිටියා. අපි මේක දැනගෙන හිටියේ නැහැ. අපි මේක දැනගෙන හිටියානම් මේක නවත්වන්න වැඩකටයුතු කරනවා" යනුවෙනි. එහිදීද කියැවෙන්නේ ජාතික හෙළ උරුමය මෙම අපවත්වීම අනුමත නොකරන බවකි.
කෙසේ නමුත් මේ වනවිට රතන හිමියන් වෙනත් ප්‍රකාශයක් සිදුකිරීම ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ මැදිහත්වීම මත සිදුකර ඇතැයි ජාතික හෙළ උරුමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරන අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් කල කිරුණු එම පක්ෂයේ ඉහළ පෙළේ ක්‍රියාකාරිකයින් පිරිසක් එකම පක්ෂයේ ස්ථාවරය වෙනස්වීම සම්බන්ධයෙන් දැඩිව ප්‍රශ්න කරමින් සිටියි. 


No comments:

Post a Comment