Thursday, May 16, 2013

ජී කුලරත්න දේශපාලනෙයන් ඉවතට


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ජී කුලරත්න මහතා දේශපාලන ජීවිතයෙන් සමුගෙන තම බිරිදගේ ආචාර්ය උපාධිය සදහා එංගලන්තය සදහා පිටත් වීමට තීරණය කොට තිබේ. මධ්‍යස්ථ ස්වරෑපයක් මවා පෑවද කට්ටිවාදී දේශපාලනයේ ආරම්භක සමාජිකයෙක් වු කුලරත්න මහතා එම දේශපාලන තීරණයට බොහෝ කාලයක් ගනිමින් සම්බන්ධ විය. සංවිධාන විශ්වාසයට වඩා පුද්ගල විශ්වාසයත් වූ ස්වභාවයත් ඒ වන විට කුලරත්න මහතාගේ දේශපාලන පිරිහීමත් මූල්‍ය විනය පිරිහීමත් කට්ටිවාදී දේශපාලනයට ගොදුරු වීමට හේතු විය. මෙවැනි දේශපාලන පිරිහීමක් මීට පෙර ජී කුලරත්න මහතාගෙන් දිස් නොවීය. කට්ටිවාදය ආරම්භයත් සමග පියවර කිහිපයකින් ජවිපෙ බලය
ඇල්ලීමේ සැලැස්මේ පක්ෂ මූලස්ථානය අත්පත්කරගැනීමේ අසාර්ථක මෙහෙයුමට ඉතා උනන්දුවෙන් සහභාගීවූ  කුලරත්න මහතා අවස්ථා කිහිපයකදීම මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.
සිරගත ජීවිතයෙන් අනතුරුව ජවිපෙ ගොඩනැංවීමේදී  පක්ෂ විනය, ප්‍රතිපත්ති පවත්වා ගැනීමේ මහත් අරගලයක යෙදුන ජී කුලරත්න මහතා අවසානයේ අවස්තාවාදයට ගොදුරු විය. අවසානයේ එංගලන්තය බලා යන ජී කුලරත්න මහතා පවසන්නේ තමන්ට ද්‍රෝහියෙකු ලෙස ක්‍රියාකල නොහැකි බවයි.

No comments:

Post a Comment